පාරම්පරික රට වලං කර්මාන්තයේ නිරත පුලිච්චාකුලම වලං කර්මාන්ත කරුවන් ඔවුන්ගේ කර්මාන්තය සඳහා අවශ්‍ය ඕ වැල්ල නැමති පස් සපයා ගැනිමේ ගැටළුවට මුහුණ දී කර්මාන්තය අතහැර දැමීමේ බරපතළ ගැටළුවකට මුහුණ පා ඇති බව පවසතී.
දිර්ඝ ඉතිහාසයකට හිමිකම් පාන පුලිච්චාකුලම රට වලං කර්මාන්තකරුවන් පුලිච්චාකුලම ගම්මානය කෙන්ද්‍ර කර ගනිමින් ගම කර්මාන්තය කරගෙන යන අතර මේ වන විට ඔවුන්ගේ තුන් වන පරම්පරාව මේ කර්මාන්තයේ නිරත වන බව කියයි.
පුලිච්චාකුලම වලං කර්මාන්ත කරුවන්ගේ මී මුත්තන් ඉන්දියාවේන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පළමුව ජා ඇල ප්‍රදේශයේ රට වලං කර්මාන්තය කරගෙන ගොස් පසුව ක්‍රමයෙන් මුන්දලම පුලිච්චාකුලමට ළඟා වු බවද පැවසෙති.
දිර්ඝ ඉතිහාසයකට හිමිකම් පාන පුලිච්චාකුලම රට වලං කර්මාන්ත කරුවන් මේ වන විට කර්මාන්තයෙන් ඈත් විම සිදුවෙමින් තිබෙන බව කියයි.
මේ පිළිබඳව අදහස් දක්වන දැනට කර්මාන්තයේ නිරත වී.ආනන්දන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපේ පරම්පරා තුනක් මේ වන විට මේ කර්මාන්තයේ නිරත වි සිටිනවා . නමුත් පසුගිය වසර ගණනාවක ඉදලා අපි අන්ත අසරණවි ඉන්නේ මේ කර්මාන්තය කර ගන්න බැරුව. එකට හේතුව තමා රට වලං මිශ්‍රණයට අවශ්‍ය ඕ වැල්ල සපයා ගැනිමට තිබේන ගැටළුව.
මේ නිසා අද වන විට මේ කර්මාන්තය බොහෝ දෙනෙකු අතහැර ගිහින්. සමහරු විදේශ රටවල රැකියාවල තවත් සමහරු තවත් රැකියා සොයා ගෙන රට වටේ යනවා.
නමුත් අපි ඉල්ලන්නේ ඕවැල්ල සපයා ගන්න උදව් කරන්න කියලා විතරයි.ඒ සඳහා නිසි බලපත්රව ලබා දිමක් උනොත් මේ කර්මාන්තය දිගටම අපිට කරගෙන යාමේ හැකියාව තිබෙනවා.“