Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යල කන්නයේ වගා හානි සඳහා වන්දි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක්ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.ගම්පහ දිස්ත‍්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ පැවැති වන්දි ප්‍රදානයටඑක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

2018 වසරේ සිට අපි පළමු වරට ගොවියාට රක්ෂණ වාරිකයක්වත් නොමැතිව අක්කරක් සඳහා වගා හානි වන්දිය 40‚000 ක මුදලක් ගෙවීමට සමත්වුණා. එවකට අක්කරයක හානි වන්දි මුදල පැවැතියේ රුපියල් දස දහසක් එයද හතරගුණයකින් ඒ කියන්නේ රුපියල් හතලිස්දහසක් දක්වා ගෙවන්නේ මේ පළමුවරට වීම ගැන මම සතුටු වෙනවා. අපි දැනට ලංකාවේ හානිවූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366 කට රුපියල් මිලියන 559 ක මුදලක් ගෙවා තිබෙනවා.


ඒ වගේම මම බලාපොරොත්තුවෙනවා 2018 – 2019 මහ කන්නයට අදාලව හානිවූ ගොවිබිමි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කරන්න. ඒ සඳහා මුදල් වෙන්කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල අපි සකස් කරමින් පවතිනවා. ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සදහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් වැයවෙතැයි මා අපේක්ෂා කරනවා.එම වගාහානි මුදල ද අපි විසින් ලබා දීමෙන් ඉතිහාසගත වන්නේ ගොවියාට වගාහානි වන්දි කඩිනමින්ම ලබාදුන් පළමු රජය ලෙස අප එක්වෙමින්.

මිරිස්,ලොකුලූණු ,වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම වගා හානි වන්දි පිරිනමන අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගොවීන් 1576 දෙනකු සඳහා ලක්ෂ 230ක වන්දි මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී පිරිනැමිණ.

Scroll to Top