Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනවසරෙන් මැණික් ගැරු 8 දෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් අට දෙනෙක් අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ බගවන්තලාව ලොයිනොල් වත්ත ප්‍රදේශයේ අනවසරෙන් මැණික් ගැරු 6 දෙනෙකු සහ  සහ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ තේ වත්තේ මැණික් ගැරු සැකකරුවන් දෙදෙනෙකුයි මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිස් භාරයට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි බගවන්තලාව  පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුන්ට එරෙහිව ලබන මස 3 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් පැවසිය.

Scroll to Top