Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනිසාගේ හොඳටත් නරකටත් දෙකටම හේතුවන විකිරණ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැව් දිය මත ගල් කැටයක් චමත්කාරජනක තරංග රටාවක් ජල තලය මත මවයි. ගල් කැටය දියමත වැටෙන “ජබූග්” හඬ අපට ඇසෙන්නේ ජල තරංග මගිනි. මේ සරල සිදුවීම දර්ශනයක් ලෙස අපි දෑස් වෙත ගෙනෙන්නේ ආලෝක තරංග මගිනි. ආලෝක තරංග යනූ විද්‍යූත් චූම්භක කිරණ විශේෂයකි. එය ජල තරංග හා ශබ්ද තරංගවලට වඩා කිහිප ආකාරයකින්ම වෙනස් වෙයි. එය තත්පරයකට සැතපූම් එක් ලක්‍ෂ අසූහයදාහක්, තත්පරයකට කිලෝමීටර් 2,99,700 පමණ වේ. අනෙකුත් විද්‍යූත් චූම්භක තරංගවල වේගයද මීට අඩූවන්නේ නම් ඒ මඳ වශයෙනි. එමෙන්ම මේවායේ වේගය ශබ්ද තරංගවල වේගය මෙන් තරංග නිකුත් කරන ආකාරය හෝ ලබාගන්නා ආකාරය මත වෙනස් වෙන්නේද නැත.

මේ ආකාරයේ ඇතැම් විකිරණ වර්ග පෘථිවියට පමණක් සීමාවූ ඒවා වන අතර සමහර ඒවා ඈත අභ්‍යවකාශය දක්වා යාම් ඊම් කරයි. අපේ “ඉරණම” බොහෝ විට මෙම විකිරණ මතද රදාපවතී. මීට හොඳම උදාහරණය ලෙස සූර්යයාගේ සිට අප වෙත ආලෝක කිරණවල ගමන් කිරම දැක්විය හැකිය. සාමාන්‍ය විකිිරණ  ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැක. ආලෝක කිරණ වැනි ශක්ති පමණක් අඩංගු පදාර්ථයකින් තොර තරංග වර්ග මින් පළමූ වැන්නයි. දෙවැන්නා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වැනි ඉතා කුඩා අංශු අධික වේගයෙන් ගමන් කිරීමෙන් උපදින විකිරණ විශේෂයි.

ඉතා ගැඹූරු ළිං හා ආකර වැනි නොකැළඹෙන වාතය සහිත ස්්ථානවල භූ විකිරණ එක් රැස්විය හැකියි. එසේ එක් රැස් වී ඇති රේඩෝන් නම් විකිරණ නිසා එවැනි ස්ථානවල රැඳී සිටින්නන්ට හානි සිදුවීමට පූළුවන. ගැඹූරු පතල්වල සේවය කරන ආකර කම්කරුවෙකුට වාර්ෂිකව මෙසේ ලැබෙන විකිරණ ප්‍රමාණය මිලි සිවටි 1.30  ලෙස සැලකේ. මිනිස් සිරුරද ස්වභාවික විකිරණ ප්‍රභවයක් ලෙස හැඳින්විය හැක. පොටෑසියම් 40, කාබන් 14, රුබඩියම් 87 වැනි අස්ථායි විකිරණ මිනිස් ශරරය තුළ පවතී.

මෙසේ ස්වභාවිකව ලැබෙන විකිරණවල ප්‍රමාණ සමග කරට කර සිටීමට මිනිසා විසින් නිපදවන ලද විකිරණශීලී ප්‍රභවලටද හැකියාව ලැබී තිබේ. මේවා අතරින් ප්‍රධාන වශයෙන්ම සැලකිය හැක්කේ රෝග හඳුනා ගැනීම පිණිස වෛද්‍ය කටයූතුවලදී භාවිතා වන එක්ස් කිරණ යන්ත්‍රයයි. මෙහිදී කෘතිමව සැකසූ එක්ස් කිරණ ධාරාවකට කෙළින්ම නිරාවරණය වීමට රෝගීන්ට සිදුවේ.

එහිදී දේහගත වන කිරණ ප්‍රමාණය ඡායාරූපයට නගන අවයවය මත වෙනස්වේ. වාර්ෂිකව වෛද්‍ය කටයතු නිසා ශරරගත වන විකිරණ ප්‍රමාණයේ සාමාන්‍ය අගය මිලිසිවටි 0.4-1 දක්වා අගයක පවතියි. මෙය ස්වභාවිකව ලැබෙන විකිරණ ප්‍රමාණයේ 20%-25% දක්වා ප්‍රමාණයක්.

ලොව බල කඳවූරු බිද වැටීමත් සමග භයංකර න්‍යෂ්ටික යූද්ධයකින් මිනිස් වර්ගයාගේ සමූල ඝාතනයක් සිදු වෙතැයි තිබූ බිය පහව ගොස් ඇත. නමූත් න්‍යෂ්ටික ආයූධ පිළිබඳව පරීක්‍ෂණ කටයූතු විවිධ රටවල ඉදහිට සිදුවේ. ඒවායේ විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට නිකුත්වීම සිදුවෙයි. එම ප්‍රමාණය වාර්ෂිකව මිලිසිවටි 0.01 ක අගයක් ගන්නා බව සොයාගෙන ඇත. මෙය ස්වාභාවික ලැබෙන විකිරණ ප්‍රමාණයෙන් සියයට 1 කි. මීට අමතරව න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ක්‍රියාවලින්ද ඉතා ස්වල්ප ප්‍රමාණයක් විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට එක්වෙයි.

එම බලාගාරවල ඉතා සූරක්‍ෂිත අයූරින් විකිරණශීලී මූලද්‍රව්‍ය ගබඩා කර ප්‍රයෝජනයට ගැණූනද එහිදී පිටවන අපද්‍රව්‍ය වායූගෝලය හා ජලය දූෂණය කිරීමට හේතුවෙයි. වායූගෝලයට එක්වන අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඉතා ඉක්මනින් වෙනත් වායූ සමග එක්කිරීමෙන් විකිරණශීලී ගුණයෙන් හීනවෙයි. න්‍යෂ්ටික බලාගාර මිනිස් වාසයෙන් ඉතා ඈත ප්‍රදේශවල පිහිටූවීමට එක් හේතුවක් වන්නේ මෙයයි.

ස්වභාවික හා කෘතිම ප්‍රභව නිසා මිනිසා ලක්වන විකිරණ ප්‍රමාණය ලොවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. සමහර ප්‍රදේශ විකිරණවලට වැඩිපූර භාජනය වේ. ඈත විශ්වයේ ඇති පල්සාරයෙන් වැනි ආකාශ වස්තූන් ගෙන් මෙන්ම ඇතැම් තරුවල සිදුවන සූපර් නෝවා පිපිරුම්වලදීද අයශක්ති විකිරණ විශාල වශයෙන් නිකුත්වේ.

මීට අමතරව අපේ සූර්යාද අන්තරක්‍ෂ කිරණ යම් ප්‍රමාණයක් පිටකරයි. නමූත් බොහෝ විට හිරුගෙන් නික්මෙන්නේ හයිට්‍රජන් හා හීලියම් න්‍යෂ්ටිවලින් සෑදුණූ හානිකර බවින් අඩූ අන්තරක්‍ෂ කිරණයි. මේ අයූරින් නොයෙක් ආකාරයෙන් නොයෙක් දෙසින් පැමිණෙන ප්‍රබල විකිරණ ප්‍රවාහයක් පෘථිවිය වෙත නිරන්තරයෙන්ම ගලා ආවත් එකී ආක්‍රමණික යන්ගෙන් පෘථිවි වාසීන් ගලවා ගැනීම පිණිස නිරතුරුව රැකවල්ලාගෙන සිටින ආරක්‍ෂකයින් පිරිසක් පෘථිවිය වටා සිටියි.

අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණෙන මෙම හානි කරන විකිරණ මගින් අපව අරක්‍ෂා කරන්නේ පෘථිවිය වටා පවතිමින් අපට රැකවරණය සලසන වියන් කිහිපයක් මගිනි. වායූගෝලය ඉහළින් පොළව වටා ඇතුරුණූ ආවරණ කිිහිපයක් ලෙස පවතින මේවා හඳුන්වන්නේ පෘථිවි චූම්භක අයන ගෝලය සහ වායූගෝලය නමිනි. අප වෙත පැමිණෙන හානිකර තරංගවලින් සැලකිය යූතු ප්‍රමාණයක් චූම්භක ක්‍ෂෙත්‍රයට පහළින් පවතින අයන ගෝලය හා වායූගෝලය මගින් උරා ගෙන අපට ආරක්‍ෂාව සපයයි.

විකිරණ ශීලීතාවය යන සංසිද්ධිය මූලින්ම ලොවට හෙළිදරව් කළේ ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වූ හෙන්රි බෙතරල් විසිනි. ඒ 1895 වසරේදීය. විකිරණශීලී නව සොයා ගැනූම වෙනූවෙන් 1903 දී කියූරි යූවල සමග ඔහූද නොබෙල් ත්‍යාගය ලැබීය. මේ සියලු සොයාගැනීම්වල පසූ කාලීන බලපෑම ලෝකයා හමූවේ අනතුරුදායක තිතක් තැබීමට තරම් සමත් වූණා.

න්‍යෂ්ටික බොම්බයක් හෝ න්‍යෂ්ටික බලාගාරයක සිදුවන පිපූරුමක් අප අත්දැක නොතිබූණත් එයින් ඇති විය හැකි අනිටූ විපාකය අති විශාලයි. මෙවැනි පිපූරුමක් හෝ විකිරණශීලී ද්‍රව්‍ය කාන්දු වීමක් භයානක වන්නේ එමගින් වායූගෝලය එකතු වී වායූගෝලයට තුළ දීර්ඝ කාලයක් පැලපදියම් වී සිටිය හැකි ද්‍රව්‍ය නිසාය. මෙවැනි දෑ අතුරින් සිසියම් 137 ස්ටේ‍රන්ටියම් 90 හා පල ප්ලූටෝනියම් 239 වැනි විකිරණශීලී ද්‍රව්‍ය අනෙක් ද්‍රව්‍යවලට වඩා දිගු කාලයක් ජෛව ගෝලයේ පවතී. වායූගෝලයෙන් නිදහස් වූ මෙම ද්‍රව්‍ය නොයෙක් දේවල් මතුපිට තැන්පත් වෙයි. එසේම සූළඟ නිසා පාවී යන සමහර කොටස් වළාකුළුවල තැන්පත් වෙයි.

වර්ෂාව ඇතිවීමේදී වලාකුළුවල තැන්පත් වූ ද්‍රව්‍ය ජලය සමග පොළවට වැටෙි. ශාකපත්‍ර මත තැන්පත් වූ ද්‍රව්‍ය වර්ෂාවෙන් සේදී ගොස් පස තුළට උරාගනී. පසේදී මේවා මූල් මගින් ගස්වැල් තුළට පැමිණේ. ශාක තුළ ආහාර නිෂ්පානයේදී මෙසේ ලබාගත් විකිරණශීලී මූලද්‍රව්‍යද සහය කර ගනී. එම නිසා වීම ශාක කෙලින්ම ආහාරයට ගැනීමෙන් හා එම ශාක මත යැපූණූ සතුන්ගේ මාංශ හා කිරි ආහාරයට ගැනීමේදී මිනිසාගේ ශරරයටද එකී විකිරණශීලී ද්‍රව්‍ය ඇතුළු වෙයි. මීට අමතරව පොළව මත ඇති මිනිසා පානයට ගන්නා ජලයේ දිය වූ විකිරණශීලී ද්‍රව්‍යයද කෙලින්ම ඔබගේ ශරීරයට ලැබේ.

මේ ආකාරයට දම්වැලක පූරුක් ලෙස දිගින් දිගටම යන ආහාර සම්බන්ධතාවය නිසා න්‍යෂ්ටික පිපිරුමක් වූ පසූ කෙලින් ආශ්වාස කිරීමෙන් පමණක් නොව ආහාර මගින්ද මිනිසා විකිරණශීලී ද්‍රව්‍යවල බලපෑමට හසූවේ.

හොඳට නරකට දෙකටම කටමය යන ප්‍රකට කියමන විකිරණ සඳහාද මෙම සත්‍යතාව හොඳින් ගැලපේ. එය හිතුමනාපේ පාවිච්චි කිරීමෙන් අතිශය භායානක ප්‍රතිඵල ඇතිවන්නාක් මෙන්ම ආරක්‍ෂාකාර ලෙසත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමෙන් මිනිසාට එයින් විපූල ඵල ප්‍රයෝජන රාශියක් ලබා ගැනීමට හැකිය.

මිනිසාට ඇති වන විවිධ ලෙඩ රෝග හඳුනා ගැනීම හා ඒවාට ප්‍රතිකාර කිරීම පිණිස විකිරණ හා විකිරණශීලී මූලද්‍රව්‍යවල සහයෝගය අද බහූලව ලබා ගැනෙයි. යම් රෝගියකුගේ මොළය ආශ්‍රිතව පිළිකා ගැටිත්තක් ඇති බව මෙන්ම මොළයේ පවතින ස්ථානය නිශ්චිතවම සොයාගැනීමටද විකිරණශීලී සමස්ථානික වනසේ වැදගත් වේ. රෝග හඳුනා ගැනීමට පමණක් නොව රෝගවලට ප්‍රතිකාර කිරීමටද විකිරණවල සහයෝගය ලබා ගනියි. මෙය බොහෝ විට සිදුකරන්නේ පිළිකා සම්බන්ධයෙනි. විකිරණ කදම්බයක් පිළිකාව වෙත එල්ල කොට එය වනසා දැමීමකි එහිදී සිදුකරන්නේ. පිළිකා සෙලවලට උපරිම විකිරණ ප්‍රමාණයක් සහ ඒ අශ්‍රිත සෙසූ ශෛලවලට අවම විකිරණ ප්‍රමාණයක් ලැබෙන සේ නවීන උපක්‍රම භාවිතයෙන් මෙම විකිරණ භාවිතයෙන් ප්‍රතිකාර සිදු කෙරේ.

කාර්මික කටයූතු සඳහාද විකිරණ යොදා ගනී. ලෝහ, වීදුරු, තහඩූ හා පොලිතීන්, සෙලෝ ෆේන් ආදී පටල නිපදවීමේදී ඒවායේ ඝනකම ඒකාකාරව පැවැතිය යූතුයි. එසේ නොවූනහොත් ඒවායින් අපේක්‍ෂා කරන ප්‍රතිඵල නොලැබී යාහැක. ඒවායේ ඝනකම පාලනය කිරීමට විකිරණශීලී ද්‍රව්‍ය යොදාගනී. ලෝහ ආශ්‍රිත පරක්‍ෂාවලදී ඇසට හසූනොවන අන්දමේ සියූම් පළුදු හඳුනා ගැනීමටද ගැමා කිරණ හා එක්ස් කිරණ යන කිරණ වර්ග භාවිතා කරනූ ලැබේ. මීට අමතරව ගුවන් තොටූපළ හා නැව් තොටවලදී හූවමාරු වන ගමන්මලු සහ වෙනත් ඇසූරුම් තුළ සැකකටයූතු ද්‍රව්‍ය අන්තර්ගත වේද යන්න කාර්යක්ෂම ලෙස පරක්‍ෂා කර දීමෙන්ද විකිරණ අපට උපකාර වෙයි.

මීට වසර ගණනකට පෙර ජීවත්වූවායි සැලකෙන ජීවින්ගේ සූන්බූන් ලොවේ විවිධ පළාත්වලින් හමූවේ. පූරා විද්‍යාත්මක පරක්‍ෂණ කටයූතු සඳහා මෙම නෂ්ටාවශේෂවල වයස් නැවැරදිව දැන ගැනීමේ අවශ්‍යතාව මතුවේ. මේ සඳහා විකිරණශීලී මූලද්‍රව්‍යවල උපකාරය ලබා ගත හැක.

දෙවැනි ලෝක යූද්ධයට නැවතීමේ තිත තැබූ පරමාණූ බෝම්බ මගින් සිදු කෙරුණූ විනාශය අප අසා ඇත්තෙමූ. න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවක් කිසිදු ආකාරයක පාලනයකින් තොරව සිදු වන්නනට ඉඩ හැර පළාතක් වනසා දැමීම මෙවැනි පරමාණූ බෝම්බවල මූලධර්මය වන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි යන නගර වෙත හෙලනූ ලැබූ බෝම්බ ඇතුළු මූල් යූගයේ අත්හදා බැලුණූ න්‍යෂ්ටික අවිවල හානිය වූයේ පරමාණූ බිඳ හෙලීමේ දාම ප්‍රතික්‍රියා පමණි. ජපානයේ හිරෝෂිමා නගරයට හෙලනූ ලැබූ බෝම්බය මෙන් 1540 වාරයක් ප්‍රබලතාවයකින් යූත් හෙවත් ඩයිනමයිටි  ටොන් කෝටි 2 ක් (මෙගා ටොන් 20) පූපූරුවා හරින විට ඇති වන ආකාරයේ විනාශයක් සිදු කළ හැකි ජලකර බෝම්බ අද ලොවෙහි බිහි වී තිබේ.

හිරෝෂිමාවට හෙලූ පරමාණූ බෝම්බයේ ප්‍රබලතාවය කිලෝටොන් 13  ක් වූවත් අපට වර්ග සැතපූම් 5 ක බිමක් සහමූලින්ම වනසාලමින් මිනිස් ජීවිත 10,000 ක් පමණ බිලිගැනීමට ඊට හැකිවිය. න්‍යෂ්ටික අවියකින් උපදින අනෙත් මාරයා වන්නේ තාප විකිරණ ප්‍රහාරයයි. පිපිරීමෙන් ජනිත කෙරෙන දැවැන්ත ගිනි බෝලයේ සිට නික්මෙන මෙම තරංගමය විකිරණ ප්‍රහාරයට පාරජම්බූල කිරණ ආලෝකය හා තාපවිකිරණ යන අංග ඇතුළත්ය. හිරෝෂිමා බෝම්බයෙන් වැණසූණූ 30,000 ක් පමණ දෙනා මිය ගියේ මෙම තාප විකිරණවලට ගොදුරුව පිලිස්සීමෙනි.

ලෝකයේ බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් හොඳට මෙන්ම නරකටද සිටි අවස්ථා බොහෝය. විකිරණවල අවසානය එය මතුවිය යූතුයි. මිනිසාගේ යහපත උදෙසා බිහිවන සොයාගැනීම් මිනිසාගේම යහපත සඳහාම මිස එය ඔවූන්ගේ අවසානයවත් විනාශයවත් නොවිය යූතුය. වඩා යහපත් දේ නිර්මාණය වීම සඳහා විද්‍යාව යොදවා ගැනීම අතිශයින් වැදගත්. නැවත හිරෝෂිමාවක් හෝ නාගසාකියක් විනාශ වීමක් ගැන එවිට සිතිය නොහැක.

Scroll to Top