ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ අපට වැදගත් වන්නේ ඔහූ තම නායක කම රැක ගැනීමට නොව නායකයෙකුගේ යූතුකම ඉටූ කිරීම වෙනූවෙන් කැප වී සිිටින්නෙකු වන බැවිනි. තමන්ගේ වර්ගයාගේ වැදිකම රැක ගැනීමට රජකම හොබවන මේ ආදිවාසී ජන නායකයා සමග කෙරුණූ සාකච්ඡාව මෙසේය.
පූංචි කාලෙ මතකම දේ මොකක්ද?
තලපයක්වත් කන්න නැතුව දවස් දෙක තුන බඩගින්නේ හිටපූ හැටි මතකයි. ඒ කාලේ පණ රැකුණේ ඉරිඟු ඇට පූච්චගෙන කණෙයි පැණි දවටගෙන කාලා.
ඒ වගේ දුක හිතුණ දේවල් නෙවෙයි. හිතට සතුටක් ඇති කරපූ දේවල් මතක නැද්ද?
අද කාලෙත් එක්ක බලනකොට ඒ හැම දුකක්ම සතුටක්. අද ලබන සැප මහ දුකක්. ඒ දුක අදටත් අපට සතුටක්.
ඒ දුක සතුටක් වූණේ කොහොමද?
ඒ කාලෙ ඉර පායනකොට ලස්සනට පේන කැලයක් අපට තිබූණා. ඒ කැලේ මල් පිපිලා තිබූණා. සත්තුන්ගේ එක එක සද්ද අහන්න ලැබූණා. අද එව්වත් නෑ, සතුටකුත් නෑ. ඒ කැලේ අපට අද තහංචියි.
ඔබ ආදි වාසීන්ගේ නායකයා. ඉතින් ඇයි දුකයි කියන්නේ?
මෙහෙ විතරක් නොවෙයි. ලෝකෙම වෙනස් වෙලා. ඒ වෙනස් වීම ගැනයි දුක. එදා කොහෙ හරි මිනී මැරුමක් වෙලා තිබූණොත් ඒක අපේ හිත්වලට හරියට බලපෑවා. දවස් දෙක තුනක් යනකම් ගෙවල්වල කතාකරන්නෙත් නෑ. අද මිනිහෙක් මැරුණට බල්ලෙක් මැරුණ තරම්වත් මිනිස්සූන්ට ගණනක් නෑ.
මේකට මොකක් කරන්න ඕනැයි කියලද හිතෙන්නේ?
ආයෙමත් පූංචි කාලෙට යන්න ඕනෑ කියල තමයි හිතෙන්නේ.
පූංචි කාලෙ කැලේ ගැන ඉස්සෙල්ලාම තිබෙන මතකය මොකක් කියල කියන්න පූළුවන්ද?
කැකුළ කාලෙ මම දවසක් අප්පිලෑ ඇත්තොත් එක්ක කැලේට වැදුණ. එක පාරටම අප්පිලෑ ඇත්තො මට නවතින්ඩ කිව්වා. එහෙම කියලා මාත් එක්ක ආපහූ ආවා. උන්දෑ කිව්ව වැලහින්නක් කැකුළට කිරි දෙනව ඒකයි ආපහූ ආවෙ කියල.
පහූවදා ආයෙත් අපි ගියා. එදත් ඒ වගේමයි. අපි ළංවෙලා බැලුවා. බලද්දි වැලහින්න මැරිලා. කැකුළ දිගටම කිරි බොනවා. මට ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඊළඟ කාරණේ එදා තමයි කැලේ හිටියට මම ඉස් ඉස්සෙල්ලාම වැලහින්නක් දැක්කේ.
එතකොට වයස කීයක් විතර ඇද්ද?
හතමක් අටමක් විතර ඇති. ඒ කියන්නේ අවූරුදු හතක් අටක් විතර.
පවූලෙ අයියල අක්කල නංගිල මල්ලිල කී දෙනෙක් හිටියද?
අම්මිලා ඇත්තො දෙන්නයි. ලොකු අම්මිලා ඇත්තන්නෙන් ළමයි දෙන්නයි. ඊළඟ අම්මිලා ඇත්තන්ගෙන් අටදෙනයි. පස් දෙනෙක් ගැහැණූ අය.
ඉස්කෝලේ ගියේ නැද්ද?
ගුරු හූරල අපිව ඉස්කෝලේ අරන් යන්ඩ ආවා. ඒක ඒ කාලේ දැනූණේ මරන්ඩ ගෙනියනවා වගෙ. ඒක නිසා ගියේ නෑ.
ඒ කාලේ හිටපූ යාළුවෝ කවූද?
රංචූවක්ම හිටිය. හැබැයි පිට ගම්වල අය නෙමෙයි වරිගෙම අය.
පිරිමි ගෑනූ දෙගොල්ලොමද?
වෙනසක් තිබූණෙ නෑ. කැකුළො කැකුළියො ඔක්කොම රංචූවෙ හිටිය.
මොනවද එකතු වෙලා කරපූ සෙල්ලම්?
මහ භයානක ඒවා. උසම රුකේ අග්ගිස්සට නගින එක. වැල්ලවල එල්ලිලා පැද්දිලා අනික් වැලට පනින එක. වඳුරො වගේ ගස් දිගේ එහාට එහාට යන එක. දෙබර කූඩවලට ගල් ගහල දෙබරු අවූස්සන එක.
දෙබරු ඇනල එහෙම නැද්ද?
අපි දෙබරට ගල් ගහල බිම නිදාගන්නවා. එතකොට දෙබරට අපිව අහූවෙන්නෙ නෑ. ඒත් එක දවසක් ඒක වැරදිලා අපට දෙබරු ඇන්නා. අපේ රංචූවේ කැකුළො හතරයි. කැකුළියො තුනයි.
දෙබරු ඇනල කාටවත් අනතුරක් වූණේ එහෙම නැද්ද?
දෙබරු ඇනපූ එක නම් එච්චර අමාරුවක් වූණේ නෑ. ගෙවල්වලින් හම්බ වූණූ ගුටි පූජාව තමයි දරාගන්ඩ බැරිවූණේ.
ගෙදර කතා කළේ වැදි භාෂාවෙන් විතරද?
ඔව් වැදි භාෂාවෙන් විතරයි.
වැදි භාෂාවට අකුරු නැද්ද?
අකුරු නෑ.
සිංහල දන්නෙම නැද්ද?
මම සිංහල දන්නෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් වෙනවා. මට සිංහල තේරෙනවා. ඒත් මම කතා කරන්නේ වැදි භාෂාවෙන්. ඒ මම වැද්දෙක් හින්දා.
ගෙදර කෑම වේල කොයි විදියටද පිළියෙල වූණේ?
උදේට කනවා අඩූයි. කෑවත් ඉරිඟු ඇට වගෙ දෙයක් තම්බගෙන කනවා. උදේට කැලේට ගියහම රෑ වෙලා තමයි පැලට එන්නේ. රෑ කෑම හොඳට කනවා.
සත්තු ඇති කළේ නැද්ද?
සමහර විට කුකුළෙක් දෙන්නෙක් ඉන්ඩ ඇති. ඒත් හැම පැලකම නොවැරදීම බල්ලෙක් දෙන්නෙක් නම් හිටියා.
දඩයම් කරන්ඩ ඉගෙන ගත්තෙ කොහොමද?
ලොකු ලබූ කැටෙික බූලත් කන හූණූවලින් මූවෙක් හරි ඌරෙක් හරි අඳිනවා. ඌරන්ගෙ මූවන්ගෙ ඇඟේ මාරක නිල 12 ක් තියෙනවා. අඳින රූපෙ ඒ නිල 12 ලකුණූ කරලයි තියෙන්නේ. ඊට පස්සෙ ඒ නිලවලට ගල් දුන්නෙන් විදින්ඩ කියනවා. එහෙම තමයි ඉස්සෙල්ල හූරු වෙන්නේ.
කුළුඳුලේම දඩයමක් කරපූ දවස මතකද?
ඇයි නැත්තේ? එදා මට හරියට අවූරුදු දවසක් වගේ. ගෙදර අයටත් එහෙමයි. එදා අප්පිලෑ ඇත්තන්ගෙ අම්මිලා ඇත්තොත් හිටියා. උන්දෑ සන්තෝෂෙට බූලත් මල්ලක් මට තෑගි කළා. ඒකේ වැද්දෙකුට ඕනෑ හැම දෙයක්ම වගේ තියෙනවා.
එතකොට වයස කීයද?
දහමක් විතර ඇති. ඒ කියන්නේ අවූරුදු 10 ක් විතර.
ඉස්සෙල්ලාම කරපූ දඩයම මොකක්ද?
කොටිටෙිරුවෙක්.
දැන් දඩයමේ යන්නෙ නැද්ද?
අවූරුදු දහයේ ඉඳල කරපූ දඩයම දැනට අවූරුදු දහය පහළොවකට විතර ඉස්සර නතර කළා.
ඒ වැදි පරපූරේ නායකයා වූණ හින්දද?
නෑ. දැනට අවූරුදු පහළොවකට විතර ඉස්සර මම රාත්‍රියේ හේනට ගියා. හඳ තිබූණෙත් නෑ. අතේ එළියක් තිබූණෙත් නෑ. මට ඇහූණ වල් ඊරියෙක් බඩඉරිඟු කනවා. මට සද්දෙට ඉලක්කෙ අරගෙන විදින්න පූළුවන්.මම විද්දා. උදේ බලනකොට ඊරියෙක් මැරිලා හිටියා. ඊරිගේ බඩේ පැටව් 12 ක් හිටියා. එක දඩයමට 13 දෙනෙක් මැරිල ඉන්නවා දැකපූ මට දඩයම එපා වූණා.
දැන් මස් කන්නෙත් නැද්ද?
කවූරු හරි දුන්නොත් කනවා. ඒත් කෑමට සත්තු මරන්නේ නෑ.
වැදි ජනතාව දඩයම් කරන පිළිවෙළක් තියෙනවද?
ඔව් ගැහැණූ සතෙක්ද? පිරිමි සතෙක්ද? ලෙඩ එකෙක්ද? පැටව් හම්බ වෙන්න ඉන්නවද? කකා ඉන්නවද? වතුර බොමින් ඉන්නවද? ආදී දේවලුත් සලකා බලල කැලේට අඩූම පාඩූවක් වෙන විදියටයි අපි සතෙක්ව මරන්නේ.
අප්පිලෑ ඇත්තො වැදි නායකයා නිසා ඔබට අනික් වැදි ජනයාගේ සැලකිල්ලක් තිබූණද?
ඔව් සැලකිල්ලක් තිබූණා.
අප්පිලෑ ඇත්තො ඒ කියන්නේ වැදි නායක තිසාහාමි මැරෙන වෙලාවෙ මොකද කිව්වේ?
වරිග හතරක් තියෙනවා. ඒවා ආරක්ෂා කරගන්ඩ මම මග පාදල තියෙනවා. දිගටම ඒ විදියට කටයූතු කරගෙන යන්ඩ කිව්වා.
මැරෙනකොට තිසාහාමිගේ වයස කීයද?
අවූරුදු 110 ක් විතර.
තිසාහාමි මූළු වැදි ජනතාවගෙම නායකයාද?
නැහැ. අප්පිලෑ ඇත්තො නායකකම කළේ ගම් හතකට විතරයි.
මොනවද ඒ ගම්?
කුඩාතලාව, ඉඳිඅත්ත, වෙහෙර-පොකුණ, විලේගම, කුඩාවිල, බූළුගහදෙන, තිඹිරාන.
ඔබ?
මම මූළු රටේම ආදි වාසීන්ගේ නායකයා.
ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවද?
දරුවො හත්දෙනයි.
දරුවන්ගේ, බිරිඳගේ නම් ගම් කොහොමද?
බිරිඳ ඌරු වරිගේ හීනිලෑ ඇත්තෝ. දරුවෝ ගුණ බණ්ඩියලෑ ඇත්තෝ, සෝමාවතීලෑ ඇත්තී, ලොකු බණ්ඩියලෑ ඇත්තෝ, මූතු බණ්ඩියලෑ ඇත්තෝ, හීන් බණ්ඩියලෑ ඇත්තෝ, පූංචි බණ්ඩියලෑ ඇත්තෝ, සූදු බණ්ඩියලෑ ඇත්තෝ, කළු බණ්ඩියලෑ ඇත්තෝ.
ආවාහ විවාහ වෙන චාරිත්‍ර වාරිත්‍ර කොහොමද?
පිරිමින්ට වෙන රැහේ ගෑනූ කෙනෙක් සහේට ගන්න පූළුවන්. ඒත් ගෑනූ කෙනෙකුට එහෙම කරන්න තහංචියි.
කසාද බඳින්නෙ දෙමාපියො යෝජනා කරලද? නැත්නම් යාළු වෙලාද?
හූඟක් වෙලාවට දෙමව්පියො කතා බස් කරලා ඒවා සිද්ධ කරනවා.
ඔබ කසාද බැන්දෙ කොහොමද?
මම බැන්දේ යාළු වෙලා.
රැහේ අයට ප්‍රශ්න තියෙනව කියල ආරංචියි?
ගමෙන් පිට ගිහින් ආපහූ එන්නේ ඒ ගිය ටිකට ගමේ උන්ට මොන කරදරයක් වෙලා ඇත්ද කියලා හිත හිතා.
මොනවද ඒ ප්‍රශ්න?
අසූතුනේ ඉඳල අපට අපේ කැලේ නැතිිවූණා. අදත් ඒ අයිතිවාසිකම් දිනාගන්ඩ උත්සාහ කරනවා.
ප්‍රශ්න ගැන බිරිඳ එක්ක කතා කරනවද?
ඔව්. කතා කරනවා.
ඔබ පිටරට ගිහින් තියෙනවද?
නේපාලයටයි, ස්විටිසර්ලන්තයටයි ගිහින් තියෙනවා.
ඒ මොනවටද?
රටවල් 136 ක ආදි වාසීන්ගේ සමූළුවකට.
ඔය රටවල් දෙකෙන් වැඩියෙන්ම කැමති කොහාටද?
මොන තරම් කරදර තිබූණත් මම වැඩියෙන්ම කැමති මේ රටට. මගේ වැදි පත්තුවට.
ඔබ වගේ පරිසරය ගැන සටන් කළ “සියැටල්” ගැන අහල තියෙනවද?
එතුමා ගැනත් දන්නව. කියපූ දේවල් ගැනත් දන්නව. ඒත් ඒ කොළේ කියවල නෑ.
ලංකාවෙ ලස්සනම තැන මොකක්ද?
මේ කැලෑව කෙළවරේ තියෙන උණූ කිරිගල කන්ද.
ඇයි උණූ කිරිගලට එච්චර කැමති?
ඒක අපිව ජීවත් කරවපූ කන්දක්. කොයි තරම් ඉඩෝරයකටවත් ඒ කන්දෙ වතුර හිඳෙන්නෙ නෑ. මල් පිපූණහම මූළු කන්දම මල් යායක්. පළාතම සූවඳයි. ඒ විතරක් නෙමෙයි ඒ කන්දෙ තනියම රැයක් ගෙවන්ඩ බය වෙන්ඩ ඕන නෑ. රෑ පූරාම මළගිය නෑ යක්කු කවි කියනව. සින්දු කියනව. බෙර ගහනව. තනියක් නෑ.
ඔබ රා, අරක්කු පානය කරන්නෙ නැද්ද? වැදි ජනතාවට ඒවා තහංචිද?
තහංචියි. මත්පැන් බීල කොහොමද භයානක සතා සිව්පාවා ඉන්න කැලේ දඩයමේ යන්නෙ.
ඇයි වැදි ජනතාව කොණ්ඩ, රැවූල් වවන්නෙ?
ඒව කපල දාන්ඩ ඕන නම් ඇයි උපතින්ම අපට ලැබිල තියෙන්නෙ?
වැද්දන් සිනාවෙන්නෙ නැහැයි කියනවා. ඇත්තද?
ඇත්තක් තියෙනව. මිනිස්සූ සතුටට හිනාවෙනවා. තරහට හිනා වෙනවා. පපූවෙ එකක් තියාගෙන හිනා වෙනවා. ආදි වාසීන්ට තියෙන්නෙ අද ජීවත් වෙලා හෙට ජීවත් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ. ඒ හින්ද හිනා වෙන්ඩ වෙලාවක් නෑ.
නායකයා විදියට ඔබ අඳින නිල ඇඳුම මොකක්ද?
සරම කෙටි කරල ඇඳල පොරව කෙටිය කරේ එල්ලාගන්නවා.
සූදුහූරා ගැන – ඒ කියන්නේ ස්පිටල් දොස්තර මහත්තය ගැන අහල නැද්ද?
එතුමා ඇවිත් තියෙන්නෙ ආගම පතුරුවන අදහසින් කියලයි ආරංචිය. පොත්වල තියෙනව කියන්නෙ නිල්ගල තිසාහාමි කෙනෙක් ගැන.
සූදු වැද්දා, සූදු ගෝණා කියන පොත් දෙකක ඔබේ පරපූරට එකතු වූණූ සූදු තරුණයෙක් ගැන කියවෙනවා.
එහෙම වෙන්ඩ විදියක් නෑ. එහෙම නම් වැදි පරපූරේ සූදු ජාතිකයො ඉන්ඩ ඕනෑ.
ඒක එහෙම වෙන්ඩ ඇති කියල හිතාගෙන ලියපූ පොතක්?
එහෙම නම් ලියාපූ ඇත්තො වැද්දො ගැන හිතපූ විදිය වැරදියි.
වැදි ජීවිතය ගැන කියවූණූ ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වූණා. ඒක දැක්කද?
දැක්ක. දවස් 3 ක් මම කොළඹ නැවතිලා ඒක වැරදියි කියලා පත්තරවලට රේඩියෝවලට කිව්වා.
ඔබේ ආගම මොකක්ද?
අවූරුදු සීයක විතර ඉඳන් අපි බූද්ධාගමට කිට්ටූයි. ඒ වූණත් වැඩි දෙනෙක් අදහන්නෙ නෑ යක්කු. මළගිය ඇත්තො.
දවසකට දෙතුන් සීයක ජනතාවක් ඔබ බලන්න එන එක නිදහසට බාධාවක් නොවෙයිද?
අපි ගැන ඇත්තටම ආදරෙන් එන අය අඩූයි. සමහරු කාගෙන බීගෙන එනවා. සමහරුන්ට ගහන්ඩ ගහල පන්නන්ඩත් සිද්ධ වෙලා තියෙනවා.
ඡන්දෙ කාලෙ දේශපාලන වේදිකාවට නගින්න කතා කළේ නැද්ද?
කතා කළා. මම ගියේ නෑ. දවල්ට බැරි නම් රෑටවත් එන්න කිව්වා. බැරිම තැන කැලේ හැංගුණා.
කැමතිම දේශපාලනඥයා කවූද?
හැම කෙනෙක්ම මාත් එක්ක හිනා වෙලා කතා කරනවා. ඒත් ඒ කවූරු ඇත්තටම හිනා වෙනවද බොරුවට හිනා වෙනවද කියන එක මම දන්නෙ නෑ.
දේශපාලනඥයෝ තෑගි බෝග දෙන්න හැදුවෙ නැද්ද?
වාහන පවා දෙන්ඩ හැදුව. ගත්තෙ නෑ.
අඩූ ගානේ සෙල්ටෙල් එකක්. ටෙලිෆෝන් එකක්වත් ගත්තෙ නැත්තෙ ඇයි?
ඇමති හූරෙක් දෙන්ඩ ඇහූව. මට කතා කරන්න තියෙන්නෙ මගෙ ජනතාව එක්ක. ඒකට අතේ ගෙනියන ටෙලිෆෝන්වත්, පිටේ ගෙනියන ටෙලිෆෝන්වත් ඕන නෑ. උන් මට උදේ හවා හම්බ වෙනවා.
නායකයා විදියට ඔබේ රාජකාරි මොනවද?
මන්ත්‍රී කෙනෙකුටත් වඩා මට වැඩ තියෙනවා.
දඹානේ ගුණවර්ධන විශ්ව විද්‍යෙලෙ ගිය එක ගැන සතුටූද?
මූලදි හිතේ අමරුවක් තිබූණ. එයා එහාටම වෙයි කියලා. දැන් එයා අපේ උරුමය ගැන කතා කරනවා.
ඔබේ ජනතාව වෙනස් වෙලා නැද්ද?
කවූරු වෙනස් වූණත් මම වෙනස් වෙන්නෙ නෑ.
ඔබේ ගෝත්‍රික වටිනාකම් සමහර සංවිධාන විකුණගෙන කනවා.
ආදි වාසීන්ව හැම රටකම විකුණගෙන කනවා. කරන්න දෙයක් නැහැ.
ඔබ අද සතුටෙන්ද , දුකෙන්ද ඉන්නෙ?
දුකෙන්. හැම දවසකම වේදනාකාර ප්‍රශ්නයක් මතු වෙනවා.
එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. පක්ෂ දෙක ගැන මොකද කියන්නේ?
මේ දෙගොල්ලොම අපේ අයිතිය ලබා දුන්නෙ නෑ.
ජනතා විමූක්ති පෙරමූණ ගැන මොකද හිතන්නෙ?
කොයි පක්ෂය හරි අද අපේ ඉල්ලීම් ඉටූ කළොත් හෙට ඉඳල ඒක හරියි කියල මම කියනවා.
යම් විදියකින් ඒ ඉල්ලීම ඉටූ වූණොත් මේ දියූණූ ලෝකෙන් අයින් වෙලා වැද්දන් විදියටම ඉන්න ලෑස්තිද?
එහෙම වෙනව නම් දියූණූව කුක්කන්ට දාල වැද්දන් වෙන්න ඕනෑ වෙලාවක ලෑස්තියි
වැද්දෙක් වීම ගැන ආඩම්බරද?
එක් වතාවකට දහස් වාරයක් ආඩම්බරයි.
රජකම දාල යන්ඩ හිතුනෙ නැද්ද ?
එහෙම යනවනම් එයා රජෙක් නෙවෙයි. රජෙක් නම් එහෙම කරන්නෙත් නැහැ.