සමස්ත මානව ශිෂ්ටාචාරය එළැඹ ඇති නව සහස්රකයේ දී බරපතල ප්‍රශ්න රැසකට මූහූණ දීමට නියමිතය. දේශපාලනික යූද ගැටූම්, රෝ බිය හා දුර්භික්ෂය ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මේ සියල්ලටම වඩා මූළුමහත් මානව ශිෂ්ටාචාරයම මූහූණ දෙමින් සිටින බරපතලම ප්රශ්නය වන්නේ ලොව පූරා සිදුවන අධික වූ ජනගහන වර්ධනයයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමූදල දක්වන ආකාරයට සෑම වර්ෂ 11 කටම මිනිසූන් බිලියනයක් පමණ ලෝක ජනගහනයට එකතු වේ. සමහරවිට මෙය මීට වඩා ඉහළ සංඛ්‍යාවක් වීමටද පූළුවන. මෙලෙස වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර, නිවාස, අධ්‍යාපනය, ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍ය සහ පවූල් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා පවත්නා සීමිත සම්පත් කළමනාකරණය කිරීම 21 වන සියවසේ මූළුමහත් ලෝකයම මූහූණදෙන බරපතලම ගැටලුව වනූ ඇත.
ජනගහන වර්ධන සංඛ්‍යාලේඛන අනූව ලෝක ජනගහනය වර්ධනයෙන් 90%ක් පමණ දැනට සිදුවන්නේ සංවර්ධනය වන රටවල වේ. සම්පත් හිඟකම, දුප්පත්කම ආදිය සමග ජනගහන වර්ධනයේ වේගවත්කම හා ජනගහන ව්‍යාප්තිය අධිකවීම නිසා සංවර්ධනය වන රටවල් මේ වන විට බරපතල ප්‍රශ්න රැසකට මූහූණ දී සිටී.
ගිය සියවස අවසානයේ සහ වර්තමානය අතර කාලයේදී මිලියන 56 ක් හෝ 5.2 ක ප්‍රතිශතයකින් කාර්මික රටවල ජනගහනය වර්ධනය වෙත්දී සංවර්ධනය වන රටවල ජනගහනය අතිවිශාල වශයෙන් මිලියන 900 කට අධිකව හෝ 24.6 ක ප්‍රතිශතයකින් වැඩි වේ. මෙලෙස වැඩිවන ජනගහනයෙන් අති විශාල පිරිසක් උපතේදීම මූහූණදෙන දුප්පත්කම නිසා මියයාමට නියමිතය. එසේම ගෝලීයව මිලියන 900 කට අධික පිරිසක් මෙම තත්ත්වය තුළ පීඩනයක් බවට පත් වේ. මේ වන විටත් ලෝකය පූරා ජීවත්වීමේ අවම පහසූකම්වත් නොලබා සිටින පිරිස දෙස බලන විට මේ බව තව දුරටත් ප්රත්යක්ෂ වේ.
බොහෝ සංවර්ධනය වන රටවල් විදේශීය බැංකු සහ ණය දෙන ආයතනයන්ගෙන් ඉසිලිය නොහැකි ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති නිසා ඔවූන්ට සංවර්ධන චක්‍රය කරා තවමත් ළඟාවීමට නොහැකිව සිටී. මෙවන් ආර්ථික ප්රපාතයක් කරා එම රටවල් ඇද දමන ප්‍රධාන හේතුවද එම රටවල සිටින අධික වූ ජනගහනය බව පැහැදිලිය. එම නිසා බොහෝ තෙවෙනි ලොව රටවලට සංවර්ධනය යනූ තාමත් ඉටූකරගත නොහැකි සිහිනයක් පමණක් වී තිබේ.
එසේම වැඩිවන ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් කුඩා ළමූන්, මහල්ලන් සහ ආබාධිතයන් වීමද ඌණ සංවර්ධනයට ප්‍රධාන හේතුවක් වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවලට අනූව ලෝක ජනගහනයෙන් අති විශාල පිරිසක් මෙලෙස යැපෙන්නන් වේ. අප්‍රිකානූ ජනගහනයෙන් 45%-50% අතර ප්‍රමාණයක් ළමූන් වේ. එමෙන්ම සංවර්ධනය වන රටවල 1985 වර්ෂයේදී ළමූන් බිලියන 1.3 ක් පමණ ඉඳ තිබෙන අතර එම ප්‍රමාණය 21 වන සියවස අවසානයේ බිලියන 3 කට ආසන්න වී තිබේ. එසේම අවූරුදු 65 ට වැඩි ලෝක ජනගහනයද පසූගිය කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබේ.
එසේම ලොව පූරා ජනගහනය වේගයෙන් නාගරකරණයට ලක්වෙන බව ජනගහන ව්‍යාප්තිය දෙස බලන විට පෙනේ. 1950 සිට මේ වන විට නගරවල ජීවත් වූ පිරිස තුන් ගුණයකින් පමණ වර්ධනය වී තිබේ.නාගරික ජනගහන වර්ෂ 2025 වන විට මිලියන 500 ඉක්මවන බව පෙනේ. මෙලෙස හතු පිපෙන්නාක් මෙන් මිලියන නගර වර්ධනය වීම නිසා ප්‍රවාහනය, සන්නිවේදන, සෞඛ්‍ය, සනීපාරක්ෂාව ආදී මානව අවශ්‍යතා නිසි ලෙස සපයාගත නොහැකි වීමෙන් එම රටවල දේශපාලන ක්‍රමවේදයන් අනතුරකට ලක්වීමේ ප්රවණතාවක්ද තිබේ.
මෙලෙස අති විශාල ලෙස වර්ධනය වන නගර ආශ්‍රිතව මූඩූක්කු හා තාවකාලික ජනාවාසයන්ද වේගයෙන් වර්ධනය වේ. බොහෝ තෙවෙනි ලොව රටවල මූඩූක්කු ජනාවාසයන් ආශ්‍රිතව සීමාව ඉක්මවා ගිය අනාථයන් පිරිසක් බිහිකර තිබේ. ඔවූන්ගෙන් බොහෝමයක් රැකියා විරහිත, නූගත්, මන්ද පෝෂණයෙන් පෙළෙන, නොයෙක් රෝගී තත්ත්වයන්ට ගොදුරු වූවන් වේ.
මෙලෙස ජනගහනය වැඩිවීමත් සමග කෘෂිකාර්මික කටයූතු සඳහා තිබෙන බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියන ගණන් ඔවූන් විසින් ආක්‍රමණය කරනූ ලබයි. ඉතා උසස් ගණයේ කෘෂිකාර්මික බිම් පවා මෙලෙස තුන්වන ලෝකයේ රටවලට අහිමි වී තිබෙන්නේ එම රටවල පවත්නා ජනගහන පාලනයේ දුර්වලතාවයන් සහ භූමියේ අධික වූ භාවිතය නිසා වේ.
කෙසේ වෙතත් ඉදිරි ශතවර්ෂය තුළ මානව සංඛ්‍යාතය සහ සම්පත් ඌණතාව අතර, සිදුවන වේගවත් ගැටීම නිසා බරපතල ප්‍රශ්න රාශියක් බිහි වීමට නියමිතය. ජනගහන වර්ධනයේ සෘජූ ගම්‍යතාව දෙස බලද්දී, මිනිස් සමාජයේ පැවැත්ම උදෙසා අවශ්‍ය පහසූකම් වර්ධනය නොවූණත් ඉදිරි දශක කිහිපය තුළ බිලියන 2.2 ක පමණ ජනගහනයක් පෘථිවියට එක්වීමට නියමිතය. එය මිලියන 4 ක පමණ විශාල සංඛ්‍යාවක් වීමටද ඉඩ තිබේ. මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා මෙම තත්ත්වය සමබර කිරීමට සංවර්ධනය වන රටවල් වෙත එල්ල වී ඇති අභියෝගය සූළුපටූ නොවේ.
මෙලෙස ජනගහන වර්ධනයේ පවත්නා අර්බූදකාර ගැඹූර වටහා ගැනීමට බොහෝ තුන්වෙනි ලෝකයේ රටවල සංවර්ධන පසූබෑම් සඳහා විසඳුම් සෙවීමට හේතු වේ. සමස්ත මානව වර්ගයාට ඉදිරියේදී ඇති වීමට නියමිත අභියෝගවලට මූහූණ දීම සඳහා මූදල් පමණක් ප්‍රමාණවත් නොවේ. සංවර්ධන වැඩසටහන් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා ප්‍රායෝගික ප්රවණතා ඇති කිරීම හැකි ඉක්මනින් කළ යූතු වේ. උසස් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා සාමාජීය සහ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම වෙනූවෙන් දියූණූ දේශපාලන විපරිවර්ණනයන්ද එම සමාජයන්හි වහා ඇති විය යූතුය.
සංජීව මූණමල්පෙ