රථ වාහන තදබදයට විසඳුම් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්රවාහන යාත්රා සේවය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ.
පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතයි.
ශ්රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි්රයාත්මක මෙම යාත්රා සේවය තුළින් මිනිත්තු 09ත් 10 අතර කාලයකින් කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.