Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනපති අපේක්ෂක ගෝඨා මහනුවරට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබදව තමන්ට හොද අවබෝධයක් ඇතැයි මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සදහා  සහභාගීවීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතා ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මහනුවරට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිස ශ්‍රී දනත්ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගන්නා ලද අතර මේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා පාක්ෂිකයන් තුන්දහසකට අධික පිරිසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැස්ව සිටියහ.
 
දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
අස්ගිරි මහා විහාරයට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැදැ දැක ආශිර්වාද ලබා ගත්හ. ජනතාව ඉල්ලා සිටි අපේක්ෂකයා මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් ජනතාවගේ මෙන්ම මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ කියා සිටියේය.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශවයේ කාරක සංඝ හිමිපාණන් වහන්සේ වන ආචාර්ය ගොඩගම මංගල හිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුලු මහා සංඝරත්නය එහිදී පිරිත් සඤ්ඤායනා කොට පිරිසට ආශිර්වාද කරන ලදි.
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිස කටුකැලේ ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලට පැමිණ එහිදී හින්දු ආගමිකවතාවත්වල නිරත වූහ. එම කෝවිලේ සභාපති ගෝවින්ද ක්‍රිෂ්ණමූර්ත මහතාගේ මෙහෙයවීම මත කෝවිලේ පූජකවරුන් විසින් මෙම ආගමිකවතාවත් කරන ලදි
Scroll to Top