Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හතරේ පහරවල්  වැඩිම සංඛ්‍යාවක් එල්ල කල එංගලන්තයට ලෝක කුසලානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ නවසීලන්තය පරාජයට පත් කරමින් ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයේ විශේෂත්වය වන්නේ හතරේ පහරවල්  වැඩිම සංඛ්‍යාවක් එල්ල කල කණ්ඩායමට ලෝක කුසලානය හිමිවිමයි.

මෙම තරගය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව ලෙස සැලකෙයි.

වසර 27ක් පුරා අඛණ්ඩව පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සතුව පැවැති වාර්තාවකුත් මේ අවසන් තරඟයේදී බිඳී යාම විශේෂත්වයක්.ඒ තමයි 1992 ලෝක කුසලානයෙන් අනතුරුව පවත්වන ශ්‍රී ලංකාව හෝ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා නොකරන පළමු ලෝක කුසලාන අවසන් තරඟය මෙය වීම.

1996, 2007, 2011 ලෝක කුසලාන අවසන් තරඟවලට ශ්‍රී ලංකාවත්, 1996, 1999, 2003, 2007, 2015 ලෝක කුසලාන අවසාන තරඟවලට ඕස්ට්‍රේලියාවත් ක්‍රීඩා කරනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස් කර ගැනීමට සමත් විය.

නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් ලබා ගැනීමට එංගලන්ත පිල ද සමත් වු අතර ළකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් වෙත යාමට සිදු විය.

සුපිරි පන්දු වාරයේ දී එංගලන්තය කිසිවෙකු නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 15ක් වු අතර නවසීලන්තයට එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී  ලබාගත්තේ ලකුණු 15කි.

සුපිරි ඕවරයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් (26-17) එල්ල කරනු ලැබූ එංගලන්ත කණ්ඩායම ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පළමු වතාවට ලෝක කුසලාන ජය හිමි කර ගත්තේය.

Scroll to Top