වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් දින තරගය දෙදින තරගයක් බවට පත්වුණි. කාසියේ වාසියත් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම තරගයේ සියලුම වාසි තමන්ගේ පැත්තට හරවා ගැනිමට සමත්විය.
ඒ අනුව ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් ප්රබල ඉන්දිය කණ්ඩායම පරදවා එංගලන්තයේදි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ලකුණු 240ක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 221 පමණයි. ඒ අනුව ලකුණු 18ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.