Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දියාවට අඩුම ගුවන් ටිකට්පත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද කියා සිටී.

එය උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. ඒ යාපනය පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමේ රාජ්‍ය උත්සවය  ආමන්ත්‍ර‍ණය කරමිනි.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි. ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කෙරන බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.

ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කිරීමයි. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ මෙම ගුවන් තොටුපොළ සිවිල් ගුවන්සේවා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමත් සමග පැය ගණනක් නාස්ති කරමින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගමන් අපහසුතාවය පහසුවෙන්ම විසඳෙන බවයි.

ඉදිරියේදී අපි මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පලාලි ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකසනවා…යිද අමාත්‍යවරයා කියා සිටියේය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහරාජ්‍ය ඇමැතිනිනි විජයකලා මහේෂ්වරන්පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. සිද්ධාර්ථන්ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් එස්. බාලචන්ද්‍රන්ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති ඒකනායක, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සුනිල් ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති දම්මික රණතුංගයාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Scroll to Top