Huawei සහ ඇමෙරිකාව අතර යුද්ධයෙන් පසුබහින්න ඩොනල් ට්‍රම්ප් තීරණය කර තියෙනවා. ඒ පහුගියදා තිබුන G 20 2019 සමුළුවේදී චීන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව. එම සාකච්ඡාවෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ Huawei සමාගමට ඇමෙරිකාවේ තාක්ෂණ සමාගම් තුලින් භාණ්ඩ මිලදී ගත හැකි වෙනවා. මේ නිසා Huawei පාරිභොගිකයන්ට තවදුරටත් අනවශ්‍ය බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ.
Huawei Products වල Qulity එක ඉහලයි කියන එක අපි හැමෝම දන්න දෙයක්. පහුගිය කාලේ ඇතිවූ ප්‍රශ්න කිසිවක් Huawei Phone වල ගැටලුවක් නෙමෙයි. ඒ සියල්ල දේශපාලනික හේතු නිසා ඇතිවුන දේවල්. ඒ කලබල අතර Huawei Phone වල ගුණාත්මක භාවය පහත වැටෙන්න කිසිම ඉඩක් දුන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අලුත් Phones වෙළඳපොළට හඳුන්වා දෙන්න මේ කාල සීමාව තුළත් කටයුතු කරා.
ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ නිළ වශයෙන් කරපු ප්‍රකාශයෙන් ඒක හොඳටම පෙනීයනවා මෙහි කිසිවිටකත් බය වීමට හේතුවක් නොමැති බව.Huawei සමාගමට පෙර පරිදිම කිසිඳු අපහසුතාවයකින් තොරව ඇමරිකානු සමාගම් සමග ගණුදෙනු කිරීමේ හැකියාව දැන් පවතිනවා.
Phone එකේ App ගැන හෝ Updates ගැන හෝ OS එක ගැන දැන් බයවෙන්න දෙයක් නෑ.