Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට ඩ්‍රෝන යානයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට සුවිශේෂී හෙලිකොප්ටරයක් වැනි ඩ්‍රෝන යානයක්, ටයිටන් බලා යැවීමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සූදානම් වෙයි. නවීන තාක්ෂණයේ උපරිමය යොදා ගනිමින් නිර්මාණය වන මෙම නව ඩ්‍රෝන යානය ‘ඩ්‍රැගන්ෆ්ලයි’ යනුවෙන් ද මෙම මෙහෙයුම ‘ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම’ යනුවෙන් ද නම් කර ඇත.

‘ඩ්‍රැගන්ෆ්ලයි’ ඩ්‍රෝන යානය ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. නාසා ආයතනය අභ්‍යවකාශ ගවේෂණ කටයුත්තකට මෙවැනි ඩ්‍රෝන යානයක් භාවිත කරන පළමු අවස්ථාව මෙයයි. ඩ්‍රෝන යානයක් යනු නියමුවන් රහිතව දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන රොබෝ යානයකි.

ජීවය නිර්මාණය වූයේ කෙසේදැයි සාක්ෂි සෙවීම පමණක් නොව, යම් හෙයකින් ටයිටන් ලොවේ පිටසක්වළ ජීවීන් (ක්ෂූද්‍රජීවීන් වැනි) සිටී නම් ඔවුන් සොයා ගැනීම පවා මෙම මෙහෙයුමේ අරමුණ යැයි පැවැසෙයි.

කෙසේ නමුත් ජීවීන් හමුවේවි යැයි සිතිය නොහැකි බව නාසා පැහැදිලි කරයි.

Scroll to Top