බර්මින්හැම්හිදී පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේ ඉන්දියාව ලබාගත් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණි.
ඉන්දියාව හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට බංග්ලාදේශයට සිදුවිය.
අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත්වී ඇත.
අද පවතින එංගලන්ත නවසිලන්ත කණ්ඩායම් අතරින් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා ඇත.
මේ අතරින් නවසීලන්ත කණ්ඩායම ජයගතහොත් පකිස්තාන කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසිමට බලාපොරොත්තුවක් තබා ගත හැකියි.