ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගනිමින් ගොවියෙකු සහ ගෙවිලියක අතර පැවති ප්‍රේම වෘත්තාන්තයකින් ඇරඹු බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත සැණකෙළිය අක්කර දහසකින් යුත් ග්ලාස්ටන්බරි ප්‍රදේශයේ ගොවිපලෙහි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
ලොව නන් දෙසින් පැමිණෙන සුවහසක් ජනයා කඳවුරු බැඳගෙන මේ සැණකෙළිය විඳින්නට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝ ප්‍රකට ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරබෙන මෙය ලොව විශාලතම සංගීත ප්‍රසංගයක් වන අතර මෙය බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත උළෙලයි.
1970 දි පෙමින් වෙලී සිටි ගොවියෙකු සහ ගෙවිලියක වන මයිකල් ඊවිස් සහ සිය ගෙවිලිය ජීන් විසින් පැවැත් වූ සාදයකට එක්දහස් පන්සියයක පමණ පිරිසක් එවක සහභාගි වුනි.
සැණකෙළියේ ප්‍රවේශපත් විනාඩි 30 ක් වැනි කාලයක් තුළ අලෙවි වී අවසන් වීමත් විශේෂත්වයක්.