පසුගිය 23 දා කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවීමෙන් බරපතල තත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවද මියගොස් ඇත.
මියගිය හසිනි විජේසුරිය නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කර ඇති අතර සැමියා සහ දියණියන් දෙදෙනා ඇතුලු පිරිසක් සමග යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතවෙමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇත.
ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා ද පසුගිය 22වනදා කිරින්ද මුහුදු තීරයේදී රළ පහරකට හසුවී දියේ ගිලීමෙන් මරණයට පත්වුණු අතර අසාධ්‍ය තත්වයේ පසුවුනු ඇය තිස්සමහාරාම රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත් ප්‍රතිකාර ලබා දී තිබේ.