විසාකේස චන්ද්‍රසේකරන් අධ්‍යක්ෂණය කල පාංශු සිනමා කෘතියේ බබානෝනාගේ චරිතයට පණ පොවන නීටා ප්‍රනාන්දු ගේ රංගනය වෙනුවෙන් ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්රවී ඇත.
බබානෝනා වෘත්තිය රෙදී සේදීමයි. කුලහීන කාන්තාවක් වන ඇයගේ සිත කලක පටන් යම් දොම්නසකින් පිරී තිබි ඇත. එක් භීෂණ සමයකදී ඇයගේ පුතු පැහැර ගනි. බබානෝනා නීතියේ පිළිසරණ පතයි. නඩුත් යයි. එම කාලය අතරතුරදී නඩුවේ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන් නින්දිත අයුරින් තලා පෙළන අයුරු අනාවරණය වේ. මෙලෙස කතා පුවත දිග හැරෙයි.
විශිෂ්ඨ සිනමා නිර්මාණයක් වන පාංශු සිනමා කෘතියේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණියට විශිෂ්ටතම සම්මානයක් හිමි වුණි.