ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගයේ දි කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණි.
අවුරුදු ගණනාවක් තිස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්ම පුහුණු වුනු හතුරුසිංහගේ ක්‍රීකට් කණ්ඩායම කිසිදු බියකින් සැකයකින් තොරව අහිංසක ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන් කරමින් ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන්ම ඉවත්වීමේ අවදානමට ලක්වෙමින් ඊයේ පැවැති ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තරගය නිමවිය.
මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 37 යි පන්දු 2 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ඉලක්කය පසු කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන්කරමිනි.
ඉදිරි තරග දෙක ජය ගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසිමට තවත් කණ්ඩාමක් පරාජයට පත් වන තෙක් බලාසිටිමට සිදුවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන 1 වෙනිදා සවස 3.00ට පැවැත්වීමට නියමිතයි.