ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දියාව පහසු ජයක් අත්කර ගත්තේය. ඒ අනුව සුපිරි ප්රහාරකාත්මක ක්රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමත් අවසන් වටයෙන් ඉවතට විසිවිමට සිදු වී තිබේ.
මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ දි ලකුණු 125 කින් ඉන්දියානු කණ්ඩායම ජය ගත්තේ ය.
ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් රැස් කළේ ය. ජයග්රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 34 යි එක් පන්දුවක දි සියලු දෙනා දැවී ලකුණු 143 ක් පමණක් රැස්කලේය.