වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැති වැඩ වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සිකුරාදා දිනයෙහි සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කලත් ඒ බව නොතකා දුම්රිය සේවකයින් වර්ජනයේ නිරතවීම නිසා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විධිමත් ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව රජය පවසයි.