සිංගප්පූරුවේදී පැවැත්වු ආහාර සම්මාන උළෙලක ලෝකයේ අංක එකේ අවන්හල ලෙස සම්මානය දිනාගත්තේ ප්‍රංශයේ මියාසූර් අවන්හලයි.
ලෝකයේ අංක එකේ අවන්හල බවට පත්වීමට ආර්ජන්ටිනාවේ උපන් මවුරෝ කොලාග්‍රීසෝ හිමිකාරිත්වය සතු ප්‍රංශ රිවෙයිරාවේ පිහිටුවා ඇති මියාසූර් අවන්හල සමත්විය.
පසුගිය වසරේදීද මෙවැනිම සම්මාන උළෙලක් පැවැත්වුවද එහිදී මියාසූර් අවන්හල වෙත හිමිවුණේ තෙවැනි ස්ථානයයි.
හොදම කාන්තා සූපවේදිනියට හිමි සම්මානය මෙක්සිකානු ජාතික ඩැනියෙලා සොටෝ ඉනේස් වෙත හිමිවුණි.