නවසීලන්තය,ඕස්ටේලියාව,ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිමට ආසන්නයේ පසුවුවත් ශ්රී ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්වීම නිසා එංගලන්තය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිමට නම් ඉදිරි තරග 3න් දෙකක් වත් ජයග්රහණය කළ යුතුව තිබේ.
එ අනුව අද ඕස්ටේලියාවට එරෙහි තරගය ජයගතහොත් එංගලන්ත කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසිමට තවත් එක් තරගයක් පමණක් ජය ගත යුතුව තිබේ.
එංගලන්ත කණ්ඩායම අද තරගබිමට පිවිසෙන්නේ කණ්ඩායම් 4කගේ ඉරණම විසදීමටය.ඒ ශ්රී ලංකා කණ්ඩායම, බංගලාදේශ කණ්ඩායම, පකිස්තාන් කණ්ඩායම, කොදෙව් කණ්ඩායම යි. අද තරගය එංගලන්ත කණ්ඩායම ජය ගතහොත් ලෝක කුසලාන අවසන් පුර්ව වටයට ඔවුන් සුදුසුකම් ලැබිමට ආසන්න වනවා ඇති.