2019 ලෝක කුසලානයෙන් ඉවත් වූ දෙවන කණ්ඩායම බවට පත් වු දකුණු අප්රිකානු කණ්ඩායමේ නායක ෆැෆ් ඩූප්පෙසිස් පැවසුවේ මේ මොහොතේ මුහුණුදීමට සිදුව ඇති තත්වය ඉතා බරපතල බවයි.
“මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසුයි. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි….මමත් මනුෂ්යයෙක්නේ….ඒ නිසා මටත් වේදනාව දැනෙනවා”
“මම ක්රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්රිකාව වෙනුවෙන් ක්රීඩා කිරීම කියන්නේ මට විශාල දෙයක්. ඒත් මේ වෙලාවේ අපට මුහුණ දෙන්න තියෙන ප්රතිඵලය සමග ගනුදෙණු කිරීම ඉතාම අසීරුයි”
එසේ කළකරීමෙන් අදහස් පළකලේ දකුණු අප්රිකානු නායකයායි.
“අපි ඊළඟ තරගයට එන්නේ මේ තරගාවලියේදී අපට කළ නොහැකි වූ දේ කරලා පෙන්වන්නයි. ස්ථිර වශයෙන්ම අපි උපරිමයෙන් සටන් වදිනවා” යයි රබාඩා පවසයි.
දකුණු අප්රිකානු පිලේ මීළඟ තරගය පැවැත්වෙන්නේ ලබන සිකුරාදා (28) ශ්රී ලංකා පිලට එරෙහිවය.