අද(24) උදෑසන ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක භූ කම්පනයක් ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ නැගෙනහිර මුහුදදේ පැපුවා නිව්ගිනියා ප්‍රදේශයේ ඇතිව තිබේ.
මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බව කාලගුණ විද්‍යාඥයින් පවසයි.
මෙම භූකම්පනයෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.