ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ තාක්ෂණයෙන් ඉහල විශාලම නෞකාව ජපානය වෙනුවෙන් ලබාදී මෙරට ඉංජිනේරුවරුන් විශිෂ්ඨ පියවරක් ඉදිරියට තබන ලදි.මෙම නෞකාව අධිතාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපද වූවකි.
මෙම නෞකාව කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ කොකුසායි කේබල් ෂිප් පුද්ගලික සමාගම වෙනුවෙනි. ශ්‍රී ලංකාව නෞකා ඉතිහාසයේ නිෂ්පාදනය කරනු ලැබු විශාලම නෞකාවද මෙය යි.
කේ.ඩී.ඩී.අයි කේබල් ඉන්ෆිනිට් යන නමින් හදුන්වන මෙම නෞකාව දිගින් මීටර් 113.1 ක්ද පළලින් මීටර 21.5 ක්ද මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තවන මෙම නෞකාව ටොන් 5757 ක ධාරීතාවයකදී මීටර් 7.1 ක උපරිම ගිලුම් දුරකින් සමන්විත වේ.
ඉන්ෆිනිට් නෞකාව මගින් ගැඹුරු මුහුදේ සිදුකරන මෙහෙයුම්, මහද්වීප අතර මුහුදු පතුලේ රැහැන් එළීම සහ අලුත්වැඩියා කටයුතු කිරිමත් සන්නිවේදන සහ විදුලි රැහැන් දෙවර්ගයම ගැඹුරු මුහුදේ එළිමත් මෙම නෞකාවට පැවරි ඇති කාර්යයි.