ශ්‍රී ලංකාවේදි “පහළ තත්වයේ” මද්‍යසාරයක් ලෙස හදුන්වනු ලබන පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු අද වන විට විදෙස් රට වල ඉහළ වටිනාකමක් තිබෙන මද්‍යසාරයක් ලෙස ප්‍රචලිත වෙමින් පවති.
විදේස් නවකතා කරුවෙකු පවසන්නේ පොල් අරක්කු යනු “බර්බන් සහ රම් අතර සිදු වූ කසාදයක් වගේ. හැබැයි බලවත් මෙන්ම පිච්චෙන සැර ගතියක් සහ අමුතු මද්‍යසාර සුගන්ධයක් විහිදෙනවා” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ප්‍රභූ පිරිස්ට පිටරටින් ආනයනය කරන ස්කොච්, විස්කි, වයින් සහ රම් ඉහළ තත්වයේ මද්‍යසාර උවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදකයන් වන DCSL, IDL, Mendis සහ Rockland යන සමාගම්වල පොල් අරක්කු විදේස් රටවල ඉහල පෙළේ මද්‍යසාරයක් බවට පත්වෙමින් තිබේ.
ඒ අනුව ලන්ඩන්,එක්සත් රාජධානිය,සිංගප්පූරුව, ජර්මනිය සහ ජපානය යන රට වල සුපිරි ගණයේ අවන්හල්වලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පොල් අරක්කු මිලදී ගැනීමේ හැකියාව ඇත.