යෝග යන වචනයේ අදහස යම් එකතු වීමක් යන්නයි. එය සංයෝග වීමක් ලෙසද හදුන්වාදිය හැකියි. යෝග පිළිබදව කතා කිරීමේදී ඕනෑම අයෙකුගේ නිතැතින්ම සිහියට නැගෙන්නේ යෝග යනු ව්‍යායාම් ක්‍රමයක් බවයි. නමුත් එම අදහස සාවද්‍යයි. යෝග යනු දර්ශණයක්. යෝග දර්ශණය බිහිවන්නේ වර්තමානයේ ඉන්දියාව ලෙසින් හදුන්වන ප්‍රදේශයේයි. එය මීට ශත වර්ෂ 04 කට හෝ ඊට පෙර බිහි වී තිබෙන බවට අර්ථ දක්වා තිබෙනවා. ඇතැම් අයගේ මතය වී තිබෙන්නේ මීට ශත වර්ෂ 02 කට පමණ පෙර යෝග දර්ශණය බිහි වී තිබෙන බවයි.
යෝග දර්ශණයේ ආරම්භකයා ලෙස පිළිගැනෙන්නේ පතංජලී නම් මුණිවරයායි. ඒ නිසාම යෝග දර්ශණය පතංජලී යෝග දර්ශණය ලෙසද හදුන්වන අවස්ථා තිබෙනවා. පතංජලී මුණිවරයාට යෝග දර්ශණය ලැබී ඇත්තේ බ්‍රහ්මයාගෙන් බවටද මතයක් තිබෙනවා. පුරාතන හින්දු වේද දර්ශණය ඇතුලත් ග්‍රන්ථයක් වන යාඥාවල්ක්‍ය නැමැති ග්‍රන්ථයේ මේ බව සදහන් වෙනවා. නමුත් පතංජලී මුණිවරයා කුමන කාලයක ජීවත් වූයේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැහැ.
බුදුන් වහන්සේ ලොව පහල වූයේ ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ බව පිලිගෙන තිබෙනවා. ඒ පිළිබදව විවාදයක් නැහැ. යෝග දර්ශණය පිළිබදව විසුද්ධි මාර්ගයේ හා එහි ටීකා වල අත්ථි සංකිලිට්ඨා පක්ඥා යන වාක්ක්‍යයේද සදහන් වෙනවා. මෙය යෝග දර්ශණයට අදාල වාක්ක්‍යයක්. ඒ අනුව බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙර සිටම යෝග දර්ශණය ලෝකයේ ආරම්භ වී තිබූ බව පිළිගත හැකියි. යෝග දර්ශණයේ මුල් ග්‍රන්ථය, යෝග සූත්‍රයයි. එය සූත්‍ර 195 කින් සමන්විතයි. සමස්ථ යෝග දර්ශණයම මෙම සූත්‍ර 195 තුල ගැබ් වී තිබෙනවා.
යෝග දර්ශණයත් අනෙකුත් ආදී හින්දු දර්ශණ මෙන්ම වේද දර්ශණය මත පදනම් වී තිබෙනවා. මෙම දර්ශණ ආසියාවේ තිබෙන ඥාණ ගැබක් ලෙස පිළිගත හැකියි. අපේ පැරණි මිනිසුන් විසින් කරන ලද ඥාණ පර්යේෂණ ආශ්‍රයෙන් මෙම දැනුම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තිබෙනවා. මෙම ප්‍රත්‍යක්ෂ ඥාණය අවබෝධ කර ගැනීම සදහා මෙවලමක් වී ඇත්තේ මනුෂ්‍යයා සතු ඉන්ද්‍රයන්.
දැනුම සරල රේඛාවක් දිගේ ගලාවිත් මිනිසා පරිණාමය වී අද සිටින තත්ත්වයට දියුණු වී තිබෙන බව වත්මන් ලෝකය පිලිගන්නවා. නමුත් වර්ථමාන දැනීමට වඩා වෙනස් වූ ආකාරයෙන් වඩාත් පලල් වූ ගැඹුරු දැනීමක් හා අවබෝධයක් පැරණි ජනතාව තුල තිබී තිබෙනවා. ඒ බව යෝග දර්ශණය හා පෙරදිග දර්ශණය ගැඹුරින් හැදෑරීමේදී තහවුරු වෙනවා. මෙම දර්ශණයන් බිහි වී ඇත්තේ එකල විසූ ජනයා අතරින්ම කීප දෙනෙක් යම් විෂයන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ ආශ්‍රයෙන් අවබෝධ කරගත් දැනුම මගිනුයි. එම දර්ශණයන් ඊට අදාල පරීක්ෂණ කරන ලද අයගේ නමින්ම ප්‍රචලිත වී තිබෙනවා. යෝග දර්ශණය පතංජලී යෝග දර්ශණය ලෙස හදුන්වනු ලබන්නේත් ඒ නිසයි.
මේ දර්ශණයන් වල පර්යේෂණ ආත්මය, මනුෂ්‍යය පැවැත්ම, ජීවීන්ගේ සංභවය, ජීව අජීව වස්තු වල විවිධත්වය මෙන්ම කාලය, අවකාශය, මනස, වෛද්‍ය විද්‍යාව, මෝක්ෂය යනාදිය පදනම් කරගෙන පවත්වා තිබෙනවා. මේ සියල්ලේ සංකලනයක් ලෙස යෝග දර්ශණය හදුන්වා දිය හැකියි. ලිපිය ආරම්භයේදීම යෝග යන වචනයේ අදහස එකතු වීමක් ලෙස හැදින්වූයේත් ඒ නිසයි. යෝග දර්ශණය ඉහත කී දෑ සංයෝග වීමක් ලෙසින්ද පෙන්වා දිය හැකියි. මේවායේ සංකලනය යෝග දර්ශණයයි.
මිනිසුන් සිතන විට ඇතිවන සිතුවිලි එක අරමුණක පිහිටුවා ගැනීම යෝග දර්ශණයේදී සිදු කෙරෙනවා. ඒ අනුව සිතුවිලි ගලායෑම නතර කිරීම යෝග දර්ශණයේදී සිදු වෙනවා. ඒ තුලින් ජීවිතයේ විමුක්තිය ලගාකර ගත හැකියි. විමුක්තිය යන්නෙන් අදහස් කරන්නේ චින්තන වලින් නිරෝධය ලගාකර ගැනීමයි. විමුක්තිය ලගාකර ගත හැකි ක්‍රම 08 ක් පිළිබදව යෝග දර්ශණයේ සදහන් වෙනවා. එය අට වැදෑරුම් පුරුදු ලෙසද හදුන්වනවා.
එයින් පළමු වැන්න යම ලෙස හදුන්වනවා. එය අහිංසාව, සත්‍ය, බ්‍රක්මචරියාව ආදිය පිළිබද පුරුද්දයි. දෙවැන්න නියම ලෙස හදුන්වනවා. එය ශුද්ධිය (වැරදි පුරුදු අත් හැරීම), සතුට, තපස්චර්යාව (තපස් රැකීම) ආදිය පිළිබද පුරුද්දයි. තෙවැන්න ආසන ලෙස හදුන්වනවා. එයින් අදහස් කෙරෙන්නේ භාවනා කරන විට වාඩි වන ක්‍රමය පිලිබද පුරුද්දයි. සිව්වැන්න ප්‍රාණයාම ලෙස හදුන්වනවා. එයින් කෙරෙන්නේ ආශ්වාස ප්‍රස්වා (හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම) නැවැත්වීම පිළිබද පුරුද්දයි. පස්වැන්න ප්‍රත්‍යාහාර ලෙස හදුන්වනවා. සිත එක අරමුණකට ගැනීමේ පුරුද්ද මෙයයි. හයවැන්න ධාරණ යි. සිත බැහැරට යන්නට ඉඩ නොදී අධිෂ්ඨාන ශීලී අරමුණක පිහිටුවා ගැනීමේ පුරුද්ද මෙයයි. හත්වැන්න ධ්‍යාන ලෙසින් හදුන්වනවා. සිත නිශ්චිත අරමුණක පිහිටුවා ගැනීමේ පුරුද්ද මෙයයි. අටවැන්න සමාධිය ලෙස හදුන්වා. අරමුණක පිහිටුවා ගැනීමෙන් සිතේ ඇතිවන එකගතාවය පිලිබද පුරුද්ද මෙයයි.
මෙයින් අවසාන පුරුදු තුන වන ධාරණ, ධ්‍යාන සහ සමාධි යන අවස්ථා තුන එකට එකතු වී ඇති වන අවස්ථාව යෝග දර්ශණයේ සිද්ධි ලෙසින් හදුන්වනවා. සිද්ධි ලගාකර ගතහැකි ක්‍රමවේදයන් කීපයක් තිබෙනවා. ඒවා වන්නේ ඡන්ම (උප්පත්තිය), ඖෂධ (බෙහෙත් වර්ග), මන්ත්‍ර, තපස් (ශරීරයට දුක් දීම) සමාධි (ක්ලේෂයන් නැති කිරීම) ආදියයි. අට වැදෑරුම් පුරුදු වල අටවන පුරුද්ද ලෙස හදුන්වන සමාධි සහ සිද්ධි ලගාකර ගත හැකි ක්‍රම වල සමාධි ලෙස හදුන්වන්වන කාරණය එකිනෙකට වෙනස් වූ කරුණු දෙකක්.
යෝග දර්ශණය ආත්මවාදී දර්ශණයක් බව ඒ පිළිබදව වඩාත් හොදින් අධ්‍යයනය කිරීමේදී තහවුරු වෙනවා. ආත්මය සාරවත් කිරීමට අවශ්‍ය වන ක්‍රමවේද මෙම දර්ශණය තුල අඩංගුව පැවතීම එයට හේතුවයි. බෞද්ධ දර්ශණයේ හරය වන්නේ පැවැත්මේ ස්වභාවය හදුනාගෙන පැවැත්ම නැති කිරීමයි. යෝග දර්ශණයේදී සිදුවන්නේ ඊශ්වර යනාදී හින්දු දර්ශණ වල පදනම් වී ඇති බ්‍රහ්මන් වැනි තත්ත්වයට පත් වීමයි. නමුත් ආදී හින්දු දර්ශණ වල ඊශ්වරයා ලෙස පුද්ගලයෙක් හදුන්වන අතර යෝග දර්ශණයේ ඊශ්වර යනු තත්ත්වයක් හැදින්වීමයි. කෙසේ වුවත් යෝග දර්ශණය දේව විශ්වාසය මත පදනම්ව පිහිටා තිබෙනවා.
ආයුර්වේද දර්ශණය වේද දර්ශණ මත පදනම්ව තිබෙනවා. ආයුර්වේද දර්ශණය තුල ඇතුලත් වන කරුණු යෝග දර්ශණය තුලත් ඇතුලත් වෙනවා. ආයුර්වේද දර්ශණය ජීවන දර්ශණයක් වන අතර යෝග දර්ශණයට ඇතුලත් වන අට වැදෑරුම් පුරුදු වල තුන්වන පුරුද්ද ලෙස පෙන්වා දී තිබෙන ආසන පුරුද්ද මගින් නිරෝගී කම ආරක්ෂා කරගත හැකියි. එය රෝග වැලදීම අවම කර ගැනීමටත් වැලදුන රෝග සුවපත් කර ගැනීමටත් ඉවහල් වෙනවා. ආයුර්වේද දර්ශණය ජීවන දර්ශණයක් ලෙස සුඛායු (සැපවත් වූ ආයුෂ), හිතායු (හිතවත් වූ ආයුෂ), දිඝායූ (දීර්ඝායුෂ) විද ධර්මය, අර්ථ (ආර්ථික සමෘද්ධිය), කාම, මෝක්ෂය ලගාකර ගැනීම පිළිබදව උගන්වා තිබෙනවා.
යෝග දර්ශණය මගින් මිනිසාගේ ගතත් සිතත් නිරෝගී කිරීම සිදුකරනවා. මෙහි සිත පහන් කිරීමේ අභ්‍යාස (පුරුදු) මගින් ජීවිතය සමබරව පවත්වාගෙන යෑමත් පෞරුෂය හැඩගැස්වීමත් කිරීමත් සිදුකරනවා. මේ මගින් මනා පෞරුෂයකින් හෙඹි පුද්ගලයෙකු බිහිවීම සමාජ පැවැත්මට මහෝපකාරී වෙනවා.
මෙම යෝග දර්ශණයේ තිබෙන වටිනාකම හා අගය මනුෂ්‍ය සංහතියේ පැවැත්ම වෙනුවෙන් වටහාගත් ලෝක ප්‍රජාව 2014 දෙසැම්බර් 11 වැනි දින 69/131 යෝජනාව සම්මත කර ගන්නවා. ඒ මගින් ඔවුන් සෑම වසරකම ජුනි 21 දින අනතර් ජාතික යෝග දිනය ලෙස නම් කරනවා. යෝග දර්ශණය භාවිතයෙන් සමාජයේ සංහිදියාව හා සාමය ගොඩනගා ගැනීමටත් හැකියාව තිබෙන බවද මේ වන විට ලෝකය පිළිඅරන් තිබෙනවා.
මේ වන විට අප රටේ යෝග දර්ශණය පුරුදු පුහුණු කරනවා වෙනුවට පුරුදු කරන්නේ යෝග ව්‍යායාමයි. යෝග ව්‍යායාම ලෙසින් හදුන්වන්නේ අට වැදෑරුම් පුරුදු වලින් ආසන නම් වූ පුරුද්දයි. එය අප 08 වැදෑරුම් පුරුදු වල 03 වන පුරුද්ද ලෙස හදුන්වා තිබෙනවා. එනම් භාවනා කිරීම සදහා වාඩිවන ක්‍රම පුරුදු කිරීම යෝගී දර්ශණය වන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ බහුල ලෙස භාවිතා වන යෝග පුහුණු ආයතන වලින් යෝගී දර්ශණය පුරුදු කරනවාද යන ගැටළුව සමාජයේ සාකච්ඡාවට භාජනය විය යුතුයි. ඒ සදහා යෝග දර්ශණයේ පූර්ණ හරය අවබෝධ කරගත යුතු වෙනවා.
විශ්ව විද්‍යාල වලින් බිහි වූ ආයුර්වේද වෛද්‍යවරුන්ට යෝග දර්ශණය පිළිබද දැනීමක් තිබෙනවා. යෝග දර්ශණය පිළිබද මනා නිපුණත්වයකින් හෙඹි ආයුර්වේද වෛද්‍යවරුන්ද සිටිනවා. නමුත් අවාසනාවකට මොවුන් කිහිප දෙනෙකු හැර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිරත ආයුර්වේද වෛද්‍යවරුන් බහුතරය යෝගී දර්ශණය පිළිබදව පුරුදු පුහුණු කිරීම් කරන්නේ නැහැ. නමුත් ආයුර්වේද රෝහල් වල ප්‍රතිකාර කිරීම් වල නිරත වෛද්‍යවරුන් අතලොස්සක් ප්‍රතිකාර සදහා යෝගී ආසන ක්‍රම යොදා ගන්නවා.
සංචාරක ව්‍යාපාරය තුල යෝග පුරුදු පුහුණු කිරීම් සදහා වැඩි උනන්දුවක් තිබෙනවා. යෝග දර්ශණය ශරීර සුව තාවය සදහා යොදා ගැනීම මෙයට හේතුවයි. සංචාරක ව්‍යාපාරය තුල ශරීර සුවතාව සදහා වැඩි ඉඩක් වෙන්ව තිබෙන බැවින් යෝගී දර්ශණය රටට ආදායම් රැගෙන ඒම සදහාද යොදා ගත හැකියි. මේ වන විට ලෝකයේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් තිබෙනවා. ඒ නිසාම වයසට යෑම පාලනය කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි. ශරීර සුවතාවය වෙනුවෙන් වැඩිහිටි සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වනවා. මෙරටට පැමිණෙන වැඩිහිටි සංචාරකයන් තුල ඒ වෙනුවෙන් යම් වැයක් දැරීමට වුවත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාව පාරිසරික විවිධත්වය බහුල රටක්. සුවදායක වෙරළ තීරය, රටමැද මීදුම ගලායන පරිසරය තිබෙනවා. ඒ දෙක තුල පාරිසරික වෙනස් වීම විදිය හැකි පරිසරයක්ද තිබෙනවා. ඒ නිසා ලංකාවේ මානව සම්පතල, සංස්කෘතිය, ස්වභාවික සම්පත් ආදිය නිවැරදිව කලමණාකරනය කලොත් අපේ රට දියුණු වෙමින් පවතින රටක් ලෙස දිගින් දිගටම හදුන්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. යෝග දර්ශණය ආයුර්වේද දර්ශණය හා හෙළ වෙදකම සමග ගැලැප්පීමෙන් වූ අවබෝධය පාසැල් ළමුන්ට ලබාදුන හොත් මනා පෞරුෂයකින් යුත් සමාජයක් නිර්මාණය කරගත හැකියි. යෝග දර්ශණය නම් වූ මහා සම්පත නිවැරදිව කළමණාකරනය කරගත හොත් සංචාරක ව්‍යාපාරය හරහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර ගැනීමටද හැකියාව තිබෙනවා. ඒ හරහා විශාල විදේශ විනිමයක් සමග අපේ රටට ආර්ථික සමෘද්ධිය ලගාකර ගැනීමටත් හැකියි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරි පරාක‍්‍රම අමරතුංග මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.
සාකච්ඡා කොට සකස් කළේ
ජයකාන්ත ලියනගේ