අද (21) එංගලන්තයේ ලීඩ්ස්හි පැවති ලෝක කුසලාන පළමු වටයේ සත්කාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සෑම තරගයක්ම ජයග්‍රහණය කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවීමේ වාර්තාව නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදිත් සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් රැස්කර ගත්තේය. එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.
21 හැවිරිදි යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අංක 3 ස්ථානයෙන් ක්‍රීඩා කරමින් දර්ශනීය පිතිහරඹයක නිරතවෙමින් මැදපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට සේන්දු වීමේ අඩිතාලම දමා දුන්නේය.
ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3යි, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.
බෙන් ස්ටෝක්ස්(82) එංගලන්ත පිල පරාජයෙන් මුදා ගැනීමට විශාල උත්සාහයක් දැරුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඔහුටද තම කණ්ඩායම පරාජයෙන් මුදා ගැනීමට නොහැකි විය.
මේ අනුව ලෝක කුසලානය පිළිබදව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකිවී ඇත.
ඉතිරි තරග තුන ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා ඇත.