ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බර්මින්හැම්හිදී පැවති දකුණු අප්රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 49කට සීමා විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කළේය. ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය ජයග්රහණය තහවුරු කළේ අවසන් පන්දුවාරයේදී වීම කැපි පෙනෙයි.
අපරාජිතව ප්රසාද ලකුණු 09ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මෙම ජයත් සමග හැකිවිය.