කලින් සැලසුම් කල පරිදි අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය හෙට (20) පස්වරු 2.00 දක්වා කල් දැමීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. ප්‍රවාහන ඇමති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට පස්වරු දෙකට මුදල් ඇමතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට විෂය භාර ඇමතිවරයා පොරොන්දු වී ඇත.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී අනිවාර්යයෙන්ම තම ගැටළු සඳහා කඩිනම් විසඳුම් නොලැබුනහොත් නියත වශයෙන්ම වර්ජනය ක්‍රියාත්මක කිරීමේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.