ලොව විශාලතම කෝපි කෝප්පය නිමවා ගිනස් ලෝක වාර්තා පිහිටුවීමට කොලොම්බියාව සමත්වෙයි. කොලොම්බියාවේ චින්චිනා කඳුකර ප්‍රදේශය එරට කෝපි වගාවේ හදවත ලෙස සැලකෙයි.
කෝප්පයේ ඇති කෝපි පානය කිරීම සඳහා පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු අවශ්‍ය බවත් එය ලොව විශාලතම කෝපි රස බැලීම ලෙසින් දෙවන ගිනස් වාර්තාවට සුදුසුකම් ලබා ඇති බවත් සදහන් වේ.
කෝපි කෝප්පය නිපදවීම සඳහා කෝපි ටොන් 20ක් යොදාගෙන ඇත.