සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් බෞද්ධ සම්මේලන පරිශ්‍රයේදී 18 වන වරටත් ඉදිරිපත් කරනු ලබන බෞද්ධාලෝක පොසොන් මහා තොරණ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් වීවෘත කරන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, හිටපු යුධ හමුදාපති දයා රත්නායක ඇතුළු පිරිසක් එක්විය.