ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තෙක් ලබාදුන් තණතීරු වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් චෝදනා කරයි.
ශ්‍රී ලංකාවට පමණක් එවැනි තණකොළ සහිත තණතීරු ලබාදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
හෝටල් පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක පවතින බවට කණ්ඩයාම් කළමනාකාරිත්වය පවසයි.
“අපිට බ්‍රිස්ටල් වල දීපු හෝටලේ පිහිනුම් තටාකයක් වත් නැහැ. වේගපන්දු යවන්නන් පුහුණුවීම් වලින් පස්සේ පිහිණුම් තටාකයට යන්න ඕනේ. අනිත් කණ්ඩායම් හිටපු හෝටලේ ඒ පහසුකම් තිබුණා. මේ වගේ කරුණු 7ක් ගැන අපි අපේ විරෝධය සඳහන් කළා,” කණ්ඩායමේ කළමනාකරු එලෙස චෝදනා කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා හෝටල් තුළ අස්ථානගතවී ඇති බවද සදහන් කරයි.එපමණක් නොවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගමන් කිරීම සදහා කුඩා බස් රථයක් ලබදි ඇති නිසා ශ්‍රී ලංකා කණ්ඩායම හිරවී ගමන් කිරීමට සිදුවී ඇති බව ද පවසයි.