Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාසික විශ්‍රාමික වැටුප 2,800/= සිට 20,000/= දක්වා වැඩිවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම අනුව  2015.12.31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට අධික විශ්‍රාමිකයින්ට විශ්‍රාම මාසික වැටුප 2,800/= සිට 20,000/= දක්වා මුදලකින් වැඩිවේ.

මේ අනුව, 2015.12.31 දිනට පෙර විශ්‍රාම ගිය ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9,200/=කින් ද විශ්‍රාමික පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී වැටුප රුපියල් 7,100/=කින්ද කාර්යාල කාර්ය සහයක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 2800/=කින් ද කළමනාකරණ සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුට රුපියල් 5,200/=කින්ද අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 20,000/=කින්ද විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ වැටුප  රුපියල් 4200/=කින්ද  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකුගේ විශ්‍රාම වැටුප  රුපියල් 16,000/= කින්ද විශ්‍රාම වැටුප් ඉහළ යනු ඇත.

විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා රජය අයවැය මගින් රු. මිලියන 12,000 ක් වෙන් කර ඇත.

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම පහත පරිදි වේ.

තනතුර                     වැටුප් කේත අංකය    විශ්‍රාම වැටුප        වැටුප් වැඩිවීම

කා.සේ.සේ 1               PL-1                     21,080/=           2,800/=

පොලිස් සැරයන්           RS-2                    25,971/=           4,200/=

රාජ්‍ය කළමනාකරණ
සහකාර සේ. 1             MN-2                    29,157/=           5,215/=

හෙද සේවය 1              MT-7                    35,421/=           7,100/=

ගුරු සේවය 1              GE-2                    42,527/=           9,200/=

ශ්‍රී ලංකා
පරිපාලන සේ. 1           SL-1                     65,017/=          16,000/=

අමාත්‍යාංශ ලේකම්        SL-4                   78,428/=            20,000/=

 

Scroll to Top