Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිවෙසේ සිටම දුර ගමන් සේවා සදහා ප්‍රවේශ පත්‍ර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනතාවට කාර්යක්ෂමව ගමනා ගමන පහසුකම් සැලසීම සදහා නිවෙසේ සිටම දුර ගමන් සේවා ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවාගැනීම සදහා නව ටෝකන් ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන අමාත්‍යාංශය සඳහන් කරයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ නියාමන ආයතනය වන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පාරිභෝගික සේවාවන් පුළුල් කිරීමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වා දී ඇති බවත් ඉදිරියේදි මෙම ටෝකන් ක්‍රම ඔන්ලයින් සහ ජී.පී.එස්. (GPS) සම්බන්ධතා හරහා මගි ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ තුළ දිගු පෝලිම්වල සිට ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා කාලය කැප කිරීමට අවශ්‍ය නොවන බවත් පසුගිය දින ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණෙන පාරිභෝගිකයාට හඳුන්වා දුන් ස්වයං සේවා ටෝකන් ක්‍රමය මඟින්ද මෙම පෝලිම්වල ගත කිරිමට සිදුවන කාලය අවසන් වූ බවත් අමාත්‍යංශය පවසයි.

Scroll to Top