Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසර 23 ක වාර්තාවක් බිද හෙළීමට අද ශ්‍රී ලංකා පිලට අවස්ථාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිලේ පස්වන තරගය අද(15) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙපිලම සහභාගි පස්වැනි තරගය වන නිසා දෙපිලටම ජයග්‍රහනය වැදගත් වෙයි.

ඕස්ට්‍රේලියානු පිලේ නායක ඒරන් ෆින්ච් පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ “වාසනාවකට අපිට අඛණ්ඩව තරගවලට සහභාගි වීමේ අවස්ථාව ලැබුණා.

ඒත් ශ්‍රී ලංකාවට අවාසනාවට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක්.

අපි එයට මුහුණ දීමට සූදානම්.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් පවසන්නේ මෙවන් අදහසක් “ලෝක කුසලාන තරගාවලියේදී වේග පන්දු යවන්නන්ගේ කෙටි පන්දු සමස්තයක් ලෙස අභියෝගයක් තමයි. ඕවරයකට කෙටි පන්දු දෙකක් යවන්න පුඵවන්නේ.

සමහර පිතිකරුවො කෙටි පන්දුවට හොදින් මුහුණ දෙනවා. සමහර පිතිකරුවො කෙටි පන්දුවට දුර්වලයි. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. එයට මුහුණ දීමට අපි සැලසුම් කරලා තියෙනවා” යැයි පවසයි.

ශ්‍රී ලංකා පිල මෙම තරගයෙන් ජය ලැබුවහොත් 1996 වසරෙන් පසුව එනම් වසර 23 කට පසුව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියකදී පරාජය කරන පළමු අවස්ථාව වෙයි.

Scroll to Top