වයස අවුරුදු දොළහෙදි කලාවට එක්වන ඇය සිරිවාසල නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයෙන් රංගනයට පිවිස අද ඇය හැඩකාර දඟකාර කලා තරුවක් බවට පත්ව ඇත.
ඇය කොන් කළ දෝණි, ආදර ගීතය, අහිමි, මංසල කලා නිර්මාණ වලට රංගනයෙන් දායකවි තිබෙනවා. මේ දිනවල මං ඉන්න නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ හුස්මක් තරමට සහ යං.
ඒ වගෙම රෙවලුෂන් බැක් ටු ස්කූල් සහ ගුත්තිල යන චිත්‍රපට වලත් රගපෑව ඈ නමට හානියක් නොවන චරිතවලට පමණක් රගපාන බවද ප්‍රකාශ කරනවා.
මට හිතෙන්නේ අපි හොඳට හිටියොත් හොඳයි. නරකට හිටියොත් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ.
ඇත්තටම චණ්ඩියි. ඉස්කෝලෙ යද්දි අම්මට හැමදාම කම්ප්ලේන්. ඇයි ඉතිං මං කොල්ලන්ට තඩිබානවනෙ. ගිය අවුරුද්දේ වෙසක් බලන්න ගිහින් මට කොල්ලෙක් විහිළු කරලා මං හොඳටම ගැහැව්වා.
ළඟ හිටපු එයාෆෝස් එකේ නිලධාරීන් කිහිප දෙනෙක් ඇවිල්ලා තමයි කොල්ලව බේර ගත්තේ. මේ අහන්නකෝ, එදා මං විලුඹ වෙනකම් දිගට ඇඳගෙන හිටියේ.
එහෙම ඉඳලත් අනවශ්‍ය විහිළුවක් කරද්දි තද වෙන්නෙ නැද්ද.
මං හරි ඕපන්, රහස් හිතේ නැහැ. ඉන්න තරමක් ඉන්නේ පිරිමි යාළුවො. හරිම සරල කෙනෙක්. ආ . . . කියවන්න ගත්තම කච කචේ ඉවරයකුත් නැහැ.
පූජනී ඇය ගැන පවසන්නේ එලෙසිනි.