ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ට එරෙහිව ලකුණු 36 කින් ඉන්දියාව ජයගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක (ෂිකර් ධාවන් (117) ශතකයත් ,විරාට් කෝලී (82) ) ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් (ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී (නොදැවී 55) ) පමණි.
ඕස්ට්‍රේලියානු නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද ඉන්දීය පිතිකරුවන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ලවිය.