කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා. ස්ථාන කිහිපයකම මාර්ග මතට සහ වාහන මතට ගස් අතු කඩා වැටී ඇති බව වාර්තාවෙයි. මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති අතර රථ වාහන ගමනාගමනයට ද බාධා මතුව තිබෙනවා.
තද සුළං සහ මුහුදේ රළු ස්වාභාවය පිළිබද ධීවර සහ නාවික ප්‍රජාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.