ඇය පසුගිය කාලය වැලඳුණු මානසික ව්‍යාධියක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වූවාය.ඉන්පසු ඇයට කිසිදු සංගීත ප්‍රසංගයකට බැහැරට නොයා යුතුය යන තහංචියක් පියා විසින් පැනවූවා. එසේ තිබියදීත් බ්‍රිට්නි යළි ප්‍රසංග වේදිකාවට පැමිණෙන බව ප්‍රකාශ කරයි.
ජනප්‍රියත්වය රඳවා ගැනීමේ අරමුණෙන් යුතුව මේ ආරංචිය ඇගේ සහයක ශිල්පීන් විසින් පතුරුවන ලද්දක් විය හැකි බව රසික පිරිස් පවසයි.
බ්‍රිට්නි වෙනුවෙන් සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර පසුගිය දවස්වල අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.