ප්‍රහාරක පිතිකරුවන් රැසක් සිටින ප්‍රබල කණ්ඩායමක් වන බටහිර ඉන්දීය කොදව් පිල පරදවා ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
නොටිංහෑම් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 49කදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 289 ඉලක්කය හඹාගිය කොදෙව්වන්ට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 273ක් පමණි.