ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයට මේ දින වල හදිසියේ හිම පතනයක් වාර්තා වී ඇත. 2015 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට ශීත කාලගුණයක් බලපා තිබේ.
කාලගුණ අංශ සදහන් කරන්නේ දකුණුදිගින් හමා එන වියලි සුළං නිසා අසාමාන්‍ය කාලගුණයක් බලපා ඇති බවයි.
අධික වැසි සහ දැඩි සුලං ඇතිවීමේ අවස්ථාවක් පවතින බැවින් සිඩ්නි නුවර ඇතුලු වර්ග කිලෝමීටර් දහසක කලාපයකට බරපතළ කාලගුණ අනතුරු ඇගවීම් නිකුත්කිරීමට ඔස්ට්‍රේලියා කාලගුණ අංශ කටයුතු කර තිබේ.
ජනතාව නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේ කාලය ගතකරන ලෙසට දැනුම්දී තිබේ.