Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතට – තරගයට වර්ෂාවෙන් බාධා – ඩක්වත් ලුවිස් නිසා පන්දුවාර අඩුවෙයි  

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වුනු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඇෆ්ගනිස්ථාන නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.

වර්ෂාවෙන් බදා ඇති වීම නිසා ඩක්වත් ලුවිස්  න්‍යායට අනුව ඇෆ්ගනිස්ථානයට හිමි වු ඉලක්කය වුයේ බන්දුවාර 41කදී ලකුණූ 187ක් ලබා ගැනීමයි. ඇෆ්ගනිස්තානය පන්දුවාර 32යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කරගත්තේ ලකුණු 152කි. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 34ක ජයක් හිමිවිය.

පන්දුවාර 50ක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් නුහුරුය.ඒ අනුව වර්ෂාවෙන් බාධා එල්ල වීම  ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගතවිය.

කුසල් ජනිත් සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථක වීය. ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් එක පන්දුවාරයක් තුළ දැවී යාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ලවිය.

කුසල් ජනිත් පන්දු 81කදී  ලකුණු 78ක් රැස් කිරිම කැපි පෙනිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරගය පකිස්නයට එරෙහිව ලබන  සිකුරාදා (7) සවස 3.00ට පැවැත්වීමට නියමිතයි.

Scroll to Top