Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උදාරි සිංගප්පූරුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දවස්වල උදාරි වර්ණකුලසූරිය කාර්යබහුලත්වයේ උපරිම තැනට ඇවිල්ල ඉන්න රංගන ශිල්පිනියකි.

ඇයට බොහෝදෙනෙක් ආදරය කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇය ජූලි මාසයෙන් පස්සේ සිංගප්පූරුවේ ගතකිරිමටයි සුදානමින් සිටින්නේ.

ඇයගේ සැමියාත් රැකියාව කරන්නේ සිංගප්පූරුවේ. දුවට සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබාදෙන්නයි මුල ඉදලම හිතන් හිටියේ. ඒ නිසා ජූලි මාසයේ පළමු වැනිදා ඉඳලා එයාගේ අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේ ආරම්භ වෙනවා.

ප්‍රේක්ෂකයන් මාව බලා‍පොරොත්තු වුනත් අම්මා කෙනෙක් සහ බිරිඳක් වදියට මගෙන් පවුලට යුතුකම් ඉටුවෙන්නට ඕනේ. ප්‍රේක්ෂකයන් මගෙන් බලා‍පොරොත්තු වෙන දේ ඔවුන්ට ලබාදෙන්නත් මම කටයුතු කරනවා. ප්‍රේක්ෂක ආදරය මට හැමදාමත් එක වගේම ලැබුණා. හොඳ කාලයද නරක කාලයද කියලා වෙනසක් තිබුණේ නැහැ.

මම ප්‍රේක්ෂකයන්ව අතහරින්නේ නැහැ. මට ඒ වගේ දෙයක් කරන්න කවදාවත් මගේ සැමියා ඉඩදෙනෙත් නැහැ. එයාම තමයි ඔයාට පුළුවන් කාලයේ මොනවා  හරි දෙයක් කරන්න කියලා මාව උනන්දු කරන්නේ.

මේ දිනවල අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

කොහොම වුණත් පවුලට සහ දරුවාට මූලිකත්වය දීලා හැමදේම කළමනාකරණය කරගෙන මේ ගමන යනවා. ඒ ගමනේදී මගේ අම්මා, තාත්තා සහ මහත්තයා මට විශාල සහයෝගයක් ලබාදෙනවා.

Scroll to Top