ආණ්ඩුව නියෝජනය කල මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් , කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශකරයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ මැති ඇමතිවරු පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ආණ්ඩුපක්ෂයට සහාය දක්වන බව වැඩි දුරටත් පවසයි.
අරලියගහ මන්දිරයේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවට රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂීම් , ඒ.එච්.එම්.ෆවුසි ඇතුළු රජය නියෝජනය කරනු අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියහ.
මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වූ මැති ඇමතිවරු
රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හාරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය