Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රතන හිමි හදිසි ප්‍රතිකාර අංශයට – හින්දු පූජකතුමාත් රෝහල් ගතකෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා , රජයේ මුස්ලිම් මැති ඇමතිවරු ඉවත් වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතන නාහිමියන් ආරම්භ කළ උපවාසය අත්හැරිමත් සමග ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කර ඇත.

උන්වහන්සේට සහයෝගය පළ කරමින් මධ්‍යම පළාත් ප්‍රධාන හින්දු පූජක නිල්ලඹ හරිදෙව් එස්. ප්‍රභා කුරුක්කල්තුමා උන්වහන්සේ සමග මහනුවරදී උපවාසයේ නිරතවූ හින්දු පූජකවරයෙකුද රොහල්ගතකර තිබේ.

මහනුවර මහ රෝහලට ඇතුළත් කරන විට උන්වහන්සේ අධික විජලනය සහ රුධිරයේ අයන සංඛ්‍යානය අඩුවීමට ලක්වී ඇති අතර ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාර සඳහා එම ප්‍රතිකාර ඒකකට ඇතුළත් කළ බව මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සදහන් කරයි.

Scroll to Top