ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහා දකුණු අප්රිකා කණ්ඩායම් අතර පැවැත්වුන තරගයෙන් ප්රබල දකුණු අප්රිකානූ කණ්ඩායම ලකුණු 21 කින් පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වන පළමු තරගය ප්රබල දකුණු අප්රිකානූ පිලට එරෙහිව ජය ගැනීම සමත්විය.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ක්රිඩකයින් 6ක් දැවී ලකුණු 330ක් ලබා ගත්තේය.
පිළතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්රිකානූ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවි ලබාගත හැකිවුයේ ලකුණු 309ක් පමණි.
දකුණු අප්රිකානූ පිල මෙවර ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගයත් පරාද වීම නිසා 6වන ස්ථානය දක්වාත් බංගලාදේශ පිල පස් වන ස්ථානයේත් රැදී සිටියි. ශ්රී ලංකා කණ්ඩායම රැදි සිටින්නේ 8වන ස්ථානයේයි.
එංගලන්ත කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම් අද තරගබිමට පිවිසිමට නියමිතයි. තරගය ශ්රී ලංකා වේලාවෙන් සවස 3.00ට පැවැත්වේ.