Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිසි වයසෙදි ජීවිතේ හදාගත්තෙ නැති වුණොත් දවසක දුක් වෙන්න වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇය වත්සලා දියලගොඩ. ලෙසින් කාලයක් පුංචිතිරේ ජනප්‍රියව සිටිය වත්සලා මවක් වීම සමග ටිකෙන් ටික රංගනයෙන් ඈත් වුණා. මේ වන විට වත්සලාව පුංචිතිරයෙන් දැක ගන්න නොහැකි තරම්. ඒ ගැන වත්සලාගෙන් විමසූ විට ඇය කීවේ මෙවැනි කතාවක්.

මුතු කිරිල්ලී ටෙලි වෘත්තාන්තයේ නිරාශා චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය ඉතාම කෙටි කාලයක් තුළ ටෙලිනාට්‍ය කලාව තුළ අතිශය ජනප්‍රිය වූ වත්සලා දියලගොඩ කටකාර, හැඩකාර රංගන ශිල්පිනියකි.

මැරෙනකම්ම රඟපාන්න තමයි මගේ බලාපොරොත්තුව. පසුගිය කාලයේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තෙ විවේකයක් ගන්න හිතුණු නිසයි.

දරුවත් එක්ක ෂූටින් සඳහා දුර ගමන් යාගන්න බැරි වුණත් ඇය පහසු තත්වයන් යටතේ ලැබෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. දරුවා ටිකක් ලොකු වුණාම කලාව වෙනුවෙන් වර්තමානයට වඩා කැපකිරීමක් කරන්න පුළුවන් වෙයි කියලත් ඇය පවසනවා.

සැමියා ප්‍රසංග ගුණසිංහ. ඔහුත් කලාවට සම්බන්ධයි. පුතාට වයස අවුරුදු පහයි. අපි දෙන්න විවාහ වෙලා මේ අවුරුද්දට වසර දහයක් වුණා . අපි සතුටෙන් පවුල් ජීවිතය ගත කරනවා.

2006 වසරෙදි නේචර් සීක්‍රට් රූ රැජන වෙමින්. ඉන් පසුව ‘කැප්රි ක්වීන් රූ රැජන‘ වුණා. එම ජයග්‍රහණවලින් පසුව වෙළෙඳ දැන්වීම් නිරූපණයට සම්බන්ධ වීමෙන් පසුව කලාවට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. නාලන් මෙන්ඩිස්ගෙ ‘සෙනෙහසට ආදරෙයි‘ මා රඟපෑ පළමු ටෙලි නාට්‍යය. ඉන් පසුව මුතු කිරිල්ලී, අමා, දූවරු වැනි ටෙලි නාට්‍ය විස්සක පමණ රඟපෑවා.

නවකයන්ට කියන්නේ මේ ක්ෂේත්‍රය සදාකාලික නෑ. අපි නිසි වයසෙදි ජීවිතේ හදාගත්තෙ නැති වුණොත් දවසක දුක් වෙන්න වෙනවා. ඒ නිසා ඔළුව කල්පනා කරල වැඩ කරන්න. නැත්නම් රැල්ලට දුවලා ආපසු හැරිලා බලද්දි අපිට මුකුත් ඉතිරි වෙන එකක් නෑ.

Scroll to Top