ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණු එක් කිරීම කඩිනම් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත.
රටේ ආරක්ෂාව වෙනුවෙන් හැඳුනුම්පත් සඳහා ඇඟිලි සලකුණ එක් කිරීම කඩිනම් කිරීමට අවධානය යොමුව ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
පැරණි හැඳුනුම්පත වෙනුවට ලබා දෙන නව හැඳුනුම්පතට මෙම ඇඟිලි සලකුණ එක් කිරීමට නියමිතව ඇත.
මේ රටේ උපදින සෑම පුද්ගලයෙකුටම උත්පත්තියේදී නිකුත් කරන උප්පැන්න සහතිකය සමග ජාතික හැදුනුම්පත් අංකයක් ලබාදීමට රජය සැලසුම් කර ඇතැයිද එ සදහා රුපියල් බිලියන 40 ක් ඇස්තමේන්තු කර ඇති බවත් ඉදිරි තෙමසක් ඇතුලතදී මෙම කාර්ය ආරම්භ කරන බවද සදහන් කරයි.