2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු 10ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.
නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම ලකුණු 136කට දැවී ගියේ පන්දුවාර 29.2කදීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 16.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්තේ ශ්‍රී ලංකා පිලේ සියලුම පන්දු යවන්නන් අසාර්ථක කරමිනි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉනිම ආරම්භ කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දෙවැනි පිතිකරුවා ලෙස දිමුත් වාර්තා අතරට එක් විය. මින් පෙර එවන් වාර්තාවකට හිමිකම් කියා තිබූ එකම පිතිකරුවා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රිඞ්ලි ජේකබ්ස්ය. 1999 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කොදෙව් ඉනිම ඇරඹූ ඔහු, ලකුණු 49 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී සිටිමින් එම වාර්තාව පිහිටුවීය.